මතක නැති හීනයක් විලසට...
සුළං සැර වරුසාවක් විඩාබර මොහොතකම හැමූ පෙර ඉදන් එන හුරුව දැනුනා තනිය තනි නොකෙරූ හිතට එබිලා මතක දෑසින් අවසරත් නොඉල්ලු... උතුරනා සෙනෙහසේ ගැඹුරම හොයාගෙන කවි සිංදු විඳිනවා විඳගන්න හැකි හිත හදවතින් ඉඩ ඉල්ලූ ප්‍රේමයක් උව අසම්මත තැන් නොවෙන්නට පෙර විමසූ පරාදයි ඒ සම්මතේ තව නිස්සාර හීනයක් පැතූ.... මතක නැති හීනයක් විලසට දුන්න ඒ හිත ගන්න හිතුනා බැඳුන තරමින් ලේසි නැති බැව් රිදෙන තරමින් දැනෙනවා... නුබ තරම් හිතක් ලෙන්ගතු හමු නොවූ භවයක් පිරවෙන්නෙ නෑ නුබෙ හිතට දුන් ඉඩ වෙනස, පතුලේ නුබ ඉන්නවා.... කවදමුත් මඟ හැරෙන්ට දෛවයෙන් ඉඩ නොඉල්ලා සමා අයදිමි දහස් වරකට දුන්න හිත ගන්න වෙනවා....