අලුත් තරු නෑ යලි හොයන්නේ ...

සිහින නොදකින
දුරට ඇස් වල
ඇඳුණු මතකය
පමණි දන්නේ...

එපා කියු හිත්
යන්ට හැරියා
මතකේ අයිතිය
නෑ හොයන්නේ...

තනිය තනිවම
විඳපු අයමයි
තවම රහසේම
තරු ගනින්නේ...

හෙටට අවැසිව
ගෙවන කාලය
අලුත් තරු නෑ
යලි හොයන්නේ ...

දැනුනු හිතකට
එළිය වැටිමුත්
තරුවෙ අයිතිය
පාව යන්නේ...

ධනා 🖤

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.