ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.

මේ වන විට රටවල් 201 ක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී.කොවිඩ් 19 ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප්‍රදේශය වූත් මේ වන විට මුලු ලොවක් හබා යන්නට කොරෝනාව බලවත් වී ඇත.
ඒ අතරින් සිරි ලංකාව මේ ව්‍යසනයට ගොදුරු වන්නේ සිතන්නට වත් නොහැකි වූ පසුබිමකයි.දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 148ක් මරණ 02ක් වාර්තා වන්නට ශ්‍රීලංකා ධරණි තලය අවාසනාවන්ත වූවා නොවේද ? ඔබට මට නොදැනෙන්නට නොහැගෙන්නට ඉඩ තිබූද කොවිඩ් 19 වූ කලී ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය.ජාතියක් ලෙස ඉදිරියට මුහුණ දීමට නම් මෙම අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඒ සදහා මා මෙන්ම ඔබත් පුරවැසියන් ලෙස වගකීමක් උර මත පැටවී හමාරය.එය ඉටුකිරීම යුතුකමකි.සමාජ දුරස්ථ භාවය පිලිවෙත් කර ගනිමින් , දෑත් සේදීමෙන්, මුක ආවරණ බාවිතා කරමින් , අඩියක් පරතරය තබමින් , සාද නොපවත්වමින් , සංචරණයට විරාමයක් තබන්නේ නම් රටක් ලෙස ජාතියක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේය.
චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙම කොවිඩ් 19 මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල කල හැකි අයුරින් කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සදහා රටක් ලෙස එක්ව ක්‍රියා කල යුතු මනාය.මෙම කාලය තුළ දින කිහිපයක් ඇදිරි නීතිය බලපවත්වමින් හා ලිහිල් කරමින් රටක් පාලනය වෙයි.කෙසේ වූත් ඇදිරි නීතිය ලිහිල් කල සැනින් සියල්ලෝ මහමඟය.ඕනෑ එපාකම් සොයති.වරදක් නැත.එය ජීවත් වීමට නොවේද? නමුදු වැදගත්කම කරුණ නම් සුබසාධනයට එහා ගිය නිවාරණයයි.කෑම බීම උවමනා අවශ්‍යතා සොයන්නට නගරය ඊස් මීස් නැත.හනික විය පැහැදම් කර සියලු බඩුබාහිරාදිය මිලදී ගෙන තෙල් ටැංකියත් පුරවා ගනී.මේ සියල්ල දැවැන්ත පෝලිමකින් කෙලවර වෙයි.මෙසේ චර්‍යායාවක් ලෙස පවතින සුබසාධනය අවශ්‍යමද?
පවුලෙන් එක්කෙනෙකු මුක ආවරණයක් පැලද නගරයට ගොස් අවශ්‍යතා රැගෙන ගොස් නා පිරිසිදු වී නිවස තුලට යන්නට අප සැමට වගකීමක් පැවරී හමාරය.නිවසේ නිදන්ගත රෝග ඇත්තවුන් මෙන්ම වැඩිහිටියන්ද පරිස්සම් කිරීම කල යුතුය..
සාම්ප්‍රදායික ගැම් ජීවණ ක්‍රමය හඹා යන්නට තැත් කල සුවහසක් ජනයාට සොබාදමට නතු වන්නට කාලය අවස්ථාව ලැබී ඇත.හෙල සිරිතට ගමේ වෙදකමට ප්‍රමුඛ බැව් සලසාලන්නට කොත්තමල්ලි ,ඉගුරු, සුදුලූනු කසායට හුරුවන්නට ප්‍රතිශක්තිය වඩවාලන්නට කොස් පොලොස් දෙල් කුරක්කන් අපට අමතක වී ගිය අපේ දේ නැවත පරිභෝජනට ඉඩ සැලසී ඇත හැකි තරම් මෙම අහාර වර්ග ශරීරයට එක් කරගන්නේ නම් වසංගත චක්‍රය සමතලා කිරීම පහසු කාර්‍යයකි.
රටක් මොහොතකට නැවතී සිටින අවදානම් තීරණාත්මක මොහොතක සෞඛ්‍ය සේවා අංශයත් , ත්‍රිවිධ හමුදවත් මනා මෙහෙයක් ඉටු කරන්නේය.රැයක් දවාලක් නිවසත් ජීවිතයක් අමතක කොට රටක් ලෙස මෙම ඔවුන්ගේ භාරදූර කාර්‍යය තව තවත් ශක්තිමත් වන්නට ශ්‍රී ලාංකික සමස්ත ජනයාගේ කැපකිරීම අවැසි මොහොතකි.ජනතාව සතු අවංක භාවයත් කැපකිරීමේ චින්තනයත් සතු නම් කල නොහැක්කක් නැත.තහනම් ඇදිරි නීතිය තුළ සමහරෙක් සැරිසරන්නේ නම් සාද පවත්වන්නේ නම් උත්තරීතර සෞඛ්‍ය අංශයත් , මුර දේවතාවනුත් කරන මහගු සේවයට හරසරක් නොදක්වන පිරිසක් ශ්‍රී ලංකා ධරණි තලයෙන් බිහි නොවන්නට සැලැස්වීම සමස්ත සැවොමගේම වගකීමකි.යුතුකමකි.
මේ දින කිහිපය එසේ ගෙවුනත් ඉදිරි කාලය ඉතා අවදානම් බව නැණවතුන්ගේ මතයයි.මතකයට නැගේ නම් ඒ අලුත් අවුරුදු සමයයි.එනමුදු වසංගතයෙන් හෙම්බත් වූ පිරිසකට වසන්තයට බලාපොරොත්තුවක් නැත.වසන්තය නිසි ලෙස උදාවන්නට නම් සියල්ලෝ තමාට පැවරී ඇත් දේ අවවාදයට උපදෙසට අනුව හැසිරෙන්නේ නම් කොවිඩ් 19 චක්‍රය පල්ලම් බැස සමතලා වී සුවබර හෙටක් පැහැදිලි වන්නේය.
ඕනෑම සෞඛ්‍ය සේවා පද්ධතියකට ප්‍රතිකාර කල හැක්කේ නිශ්චිත රෝගීන් සංඛ්‍යාවක් පමණි.රෝගී ඇදන්, වෙදුන් ,හෙදියන් තවත් බොහෝ පහසුකම් අවශ්‍යය වේ.දිනෙන් දින නිරෝධනයන මධ්‍යස්ථාන ගණනත් ප්‍රතිකාර පහසුකම් වැඩි වුවද කොවිඩ් 19 අධි වසංගත තත්ත්වයක් බවට පත් වුවහොත් විශාල සේවා පහසුකම් අවශ්‍ය වෙයි.එය ශ්‍රීලංකාව වැනි රටක කෙසේ නම් බලපවත්වන්නේද?
කෙසේ වූත් චක්‍රය සමතලා කිරීම සදහා කාලය අවදානම වගකීම සමාජ පුරවැසියෙක් ලෙස සමජ පුරවැසියෙක් ලෙස සෑම අයෙක්ටම පැවරුණු කාර්‍යයකි.එය අවංකව හදවතින්ම හැකි උපරිමයෙන් සිදු කල යුතුය.
බිම් මට්ටමේ සිට එනම් ප්‍රාදේශීය මට්ටමින් මෙම ක්‍රියාපටිපාටිය සිදු වෙමින් පවතී.මා ප්‍රදේශය වන කුරුණෑගල නිකවැරටිය තුලත් මේ සදහා කඩිනම් පියවර ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටී.සෞඛ්‍ය සේවා නිලධාරීන් එනම් P.H.I වරුන් පොලිස් නිලධාරීන් රථ සේවා හරහා දැනුවත් කිරීම නොමදව සිදු කරමින් , නගරයේ තදබදය සහිත ස්ථාන වල අඩියක පරතරය තබමින් ක්‍රියා කරන්නට කටයුතු සලසන්නා සේම මුඛ ආවරණ බෙදා හරිමින් , දෑත් සේදීමේ පහසුකම් සලසමින්, අත්‍යාවශ්‍ය භාන්ඩ ජංගම රථ හරහා සම්පාදනය කරමින්,කොවිඩ් 19 නැමැති දැවැන්ත අභියෝගය භාරගනිමින් සිටී. සියල්ලෝ ම අදිරි ලිහිල් කර සැනින් නගරය වෙත ගොස් තෙරපීම වැළැක්වීමේ පියවරක් ලෙස ගමේ වෙලදසැල විවර කොට ගමේ පොල වෙතින් බඩුබාහිරාදිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කොට ඇත.
කෙසේ වෙතත් පවතින සුබසාධනයට එහා ගිය නිවාරණය තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් කොවිඩ් 19 මුලිනුපුටා දමන්නට හැකිවන්නේ ය.හැකි තරම් දිනක් නිවෙස් තුළම රැදෙන්නට ඇදිරිය බලපවත්වමින් ඇති දේ කා කුස පුරවා මෙම කැපකිරීම සිදු කරන්නේ නම් දැනුවත් වීම් උපරිමයෙන් පිලිපදින්නේ පවත්න චක්‍රය සමතලා කොට එනම් කොවිඩ් 19 ශ්‍රීලංකාවේ ඉතිහාස ගත කරුණක් කොට පෙර මෙන් නිදහස් දිනක් හැකි ඉක්මනින් හිමි වේවායි.රට සියලු අතින් රක්ෂා කරත්‍වා! සැවොම පතන පැතුම ඒකායන වේවා.🙏🙏🙏


✍️ ධනා බන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා