Posts

මතක නැති හීනයක් විලසට...

Image
සුළං සැර වරුසාවක් විඩාබර මොහොතකම හැමූ පෙර ඉදන් එන හුරුව දැනුනා තනිය තනි නොකෙරූ හිතට එබිලා මතක දෑසින් අවසරත් නොඉල්ලු... උතුරනා සෙනෙහසේ ගැඹුරම හොයාගෙන කවි සිංදු විඳිනවා විඳගන්න හැකි හිත හදවතින් ඉඩ ඉල්ලූ ප්‍රේමයක් උව අසම්මත තැන් නොවෙන්නට පෙර විමසූ පරාදයි ඒ සම්මතේ තව නිස්සාර හීනයක් පැතූ.... මතක නැති හීනයක් විලසට දුන්න ඒ හිත ගන්න හිතුනා බැඳුන තරමින් ලේසි නැති බැව් රිදෙන තරමින් දැනෙනවා... නුබ තරම් හිතක් ලෙන්ගතු හමු නොවූ භවයක් පිරවෙන්නෙ නෑ නුබෙ හිතට දුන් ඉඩ වෙනස, පතුලේ නුබ ඉන්නවා.... කවදමුත් මඟ හැරෙන්ට දෛවයෙන් ඉඩ නොඉල්ලා සමා අයදිමි දහස් වරකට දුන්න හිත ගන්න වෙනවා....

ප්‍රතික්ෂේපයේ යථාර්ථය

Image
"බැදීම් " මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ ඒ බැඳීම තුළ ජීවත් වෙනකන්.ඉතින් ඒ බැදීම් වලට කල්ඉකුත්වෙන දවසක් අපි කාටවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ.. මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගෙ උණුවෙන තැන් එනවා...දැනෙන පිරිමියෙක් ළඟ ජීවිතෙ විදින්න හීන දකිනවා...දඩබ්බර පිරිමි මොළකැටි වෙනවා ඒ ආදරේ හමුවේ. හැමෝම ඇරියස් වෙච්චි කතන්දර හිතින් වළදාලා ආයෙම ඉපදෙන්න හීන මවනවා.... ජීවිත මොනපිටට පෙරළුණත් දුකම වළදන ජීවිතවලට ආශිර්වාදයක් කොහෙන්ම හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද ඉතිම් ... බැඳීම් හමුවේ ඇති වන හිමි වීම හා අහිමිවීම තුළ බොහෝ කාරණා යටපත් වෙලා තියෙනවා.හිමි වීම ගැන කොහොම කතා කරත් එතැන තියෙන්නේ සැනසීමක් විය යුතුයි.ඒත් ඒ අතරේ අහිමිවිම් කියන්නේ හිතට අප්‍රිය දෙයක්.ඒ තුළ ඉහළින්ම තියෙන ප්‍රතික්ෂේප වීම කියන කාරණයට මුහුණ දෙන්නේ කොහොමද ? මනුෂ්‍යයෝ විදිහට අපට දරාගන් අමාරුම දේ ප්‍රතික්ෂේප වීම කියන එක. බොහෝ විට හැම කෙනෙකුගේම ජිවිතයට සමීප දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම කියන්නේ. ඒ වගේම තම ආදරණීයන් වෙන්ව යාම දරාගන්න අමාරුම අවස්ථාවක්. විශේෂයෙන් ම පෙම්වතා, පෙම්වතිය , සැමියා බිරිඳ තමන්ව ප්‍රතික්ෂේප කරනවන...

ජීවිතේ තරු ලකුණු

Image
සසර කතරක නිමක් හසරක ඔහේ ගළනා ජීවිතේ පෙන්වා නිසි මගේ වදනක් ගානේ මිමිණූ... මව් දෙමව්පියනට පසුව විවරණ දීපු ගුණ නැණ සිප් බලෙන් මේ තා හැඬගැසුණු... දිවිමගේ ගිරිදුර්ග පා රිදෙන ගල් බොරළු අස්සෙනුත් හොයන්නට ජීවිතේ තරු ලකුණු ... පා නොපැකිලී යන්න අත් වැටක් වී තනපු නුඹෙන් ලද අකුරු වල තිබ්බෙම මං ලකුණු ..

සොඳුරු ළමා කාලේ

Image
සමනල් වයසේ සුන්දර මතකේ පියඹූ ඒ කාලේ කියා වී මල් වාගේ.... කිති කැවෙන සුළඟේ දුව පැනපු ඉපනැල්ලේ ආයේත් ඒ කාලේ එන් නෑ කිසි දාකේ... වරමක් ලැබුනොත්නේ දෙවරක් නොසිතමනේ ඉල්ලන්නේ ඒ කාලේ සොඳුරු ළමා වාරේ... ධනා 🖤

නොදැක්කා සේ යන්න තිබුණා ....

Image
හඳත් ලස්සන දුරක පායන තරු වළල්ලක ගිලී උන්නම සුළඟ දඟකර මතක පෙතිමල් ඈත දුරකට විහිද ආවම හැකිද ලියවුන පටුන අගකින් යලිත් අමුණා ගන්න මුලටම අතරමං වන අයිතියක් ළඟ නිතොර හටගත් මතක සිහිවන හූරන කඳුළෙන් රිදුම් දේමයි ඇබ්බැහිය වුණු පවයි ආලේම... නොදැක්කා සේ යන්න තිබුණා හැඟුම් ගත් දිනයේ මුල්ම... ධනා 🖤

අලුත් තරු නෑ යලි හොයන්නේ ...

Image
සිහින නොදකින දුරට ඇස් වල ඇඳුණු මතකය පමණි දන්නේ... එපා කියු හිත් යන්ට හැරියා මතකේ අයිතිය නෑ හොයන්නේ... තනිය තනිවම විඳපු අයමයි තවම රහසේම තරු ගනින්නේ... හෙටට අවැසිව ගෙවන කාලය අලුත් තරු නෑ යලි හොයන්නේ ... දැනුනු හිතකට එළිය වැටිමුත් තරුවෙ අයිතිය පාව යන්නේ... ධනා 🖤

මා පුත කියමින

Image
------------------------------ බලන් හෙමිහිට මව්න් ඉදිකඩ උදේ දවාලක ඇරන් නෙත් යුග තාම මතකය අදක වගේමය හැරේ පුරුද්දට සිතා නුබ බලාන යාම පෙර පිටව දරා සිනහව මා පුත කියමින මග බලන් ඇති එයම සතුට විනිවිද තිබූ අතීතය කණ කොකෙක් සුසුම්ලන හඬ වැකෙයි සවනට දෙදරා යන්නට එන්නෙපා ගෙට කරුම ලෙඩකට පහන නිවිලා ගෙපැල හරියට සොහොන වාගෙම තිබුනා දවසක කිරි පුසුඹ මතක දවයි තද හිත එපා යන්නට දෙවැට පාරට කෝඩුකාරෙට බැන්ද මව්පෙම මව් සෙනේ ළඟ කීකරුයි අද අහිමි ගිය මුත් සසර අබියස හූල්ලන්නට එපා අම්මට එයා සදහට ගියා දෙව්ලොව පෙරින් කලකට කරුමෙ එළිපිට දුන්නා මටමය ඇයිද දෛවය මතක් වෙනකොට අඬෙයි මොහොතට කරපු පිං හෙම සිහි තියාගෙන එන භවේකට වෙන්න මගෙ මව් පැතුම එයමයි මේ භවය අතහැර හුඟක් කල් මං වෙන්න පැතුමන් හොඳම භවයක් නුබ සමඟම හනිකම.... ධනා 🖤