ජීවිතේ තරු ලකුණු

සසර කතරක නිමක් හසරක
ඔහේ ගළනා ජීවිතේ
පෙන්වා නිසි මගේ
වදනක් ගානේ මිමිණූ...

මව් දෙමව්පියනට
පසුව විවරණ දීපු
ගුණ නැණ සිප් බලෙන්
මේ තා හැඬගැසුණු...

දිවිමගේ ගිරිදුර්ග
පා රිදෙන ගල් බොරළු
අස්සෙනුත් හොයන්නට
ජීවිතේ තරු ලකුණු ...

පා නොපැකිලී යන්න
අත් වැටක් වී තනපු
නුඹෙන් ලද අකුරු වල
තිබ්බෙම මං ලකුණු ..

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.