මා පුත කියමින

------------------------------
බලන් හෙමිහිට
මව්න් ඉදිකඩ
උදේ දවාලක
ඇරන් නෙත් යුග
තාම මතකය
අදක වගේමය

හැරේ පුරුද්දට
සිතා නුබ බලාන
යාම පෙර පිටව
දරා සිනහව
මා පුත කියමින
මග බලන් ඇති
එයම සතුට විනිවිද
තිබූ අතීතය

කණ කොකෙක්
සුසුම්ලන හඬ
වැකෙයි සවනට
දෙදරා යන්නට
එන්නෙපා ගෙට
කරුම ලෙඩකට

පහන නිවිලා
ගෙපැල හරියට
සොහොන වාගෙම
තිබුනා දවසක
කිරි පුසුඹ මතක
දවයි තද හිත
එපා යන්නට
දෙවැට පාරට

කෝඩුකාරෙට
බැන්ද මව්පෙම
මව් සෙනේ ළඟ
කීකරුයි අද
අහිමි ගිය මුත්
සසර අබියස


හූල්ලන්නට
එපා අම්මට
එයා සදහට
ගියා දෙව්ලොව
පෙරින් කලකට

කරුමෙ එළිපිට
දුන්නා මටමය
ඇයිද දෛවය
මතක් වෙනකොට
අඬෙයි මොහොතට

කරපු පිං හෙම
සිහි තියාගෙන
එන භවේකට
වෙන්න මගෙ මව්
පැතුම එයමයි
මේ භවය අතහැර
හුඟක් කල් මං
වෙන්න පැතුමන්
හොඳම භවයක්
නුබ සමඟම හනිකම....

ධනා 🖤


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.