අප්‍රකාශිත ආදරය

ප්‍රේමයත් අභිමන් ලෙසින්.
නැතුවාම නොව සිත් මතින්..
පෙර සසර පුරුද්දට හමු වෙතින්...
නමුදු සුව සම්මතේ ඉඩක් නොලදින්....

සිතක් පතුළක නැගුණු සෙනෙහේ.
කාට කවුරුත් නොකියා උන්නේ..
හැඟුම් පමණක් මඳක් පෙනුණේ ...
සියල් සිර වී හදේ කොනකින් වාදේ....

නමක් විය ඒ සුන්දර බැඳි ආල.
අප්‍රකාශිත ප්‍රේමය මැව් හීන..
දුකක් නොව අයිතිය නැති ලෝක...
තනිකම තාමත් එක හීන....

✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.