සිතුවිල්ලත් වරදක්...

හිමි නොවනා සුව සිහින මවන්
සෙනෙහෙ දළු ලා සිතක කොනින්
මනා නෑ සුදුසුම වන් කෝල සිතින්
සිතුවිල්ලත් පමණක වරද දුටින්
දහසක් දේ හැඟුමින් පාන හදින්
ආලය විය හිමි නොවෙන තැනින්
සබඳ වෙන්නැති හිත් සසර පතන්
හුරු වන්ට ඇස් වෙනත් භවයන්
පතමි දුක හදක ගැඹුරෙම තබන්
තව තවත් සුපුරුදු තනියෙ සිටන්...


     ✍️   ධනංජි ආලෝකබන්ඩාර 💜️

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.