එපා කළු පාට....

ඇයි දුර ඉදන් හීන ගෙනාවේ
පාට කරන්න නෙවේ නේද
ලස්සනට පාට නොකළට
මොනා හරි පාටකින්
නැත්ද යන්තමටවත් ගාන්න
ඇඳපු සිතු පාට කළාමළු
ඇහැට ලස්සනට දැනෙන්නේ
මං ආසම පාට නැති උනාට
තියෙන පාටින් විතරක්
පාට කරන්න පුළුවන්ද
බලාගෙන පැන්සල් ඉර
ලාවටවත් මැකෙන් නැතුව
හීන සිතුවම මං වෙන්න
සුපුරුදු සිත්තරා නුබ වෙන්න
හැබැයි කළු පාටින්
පාට නොකර...


🖤 ධනා ආලෝකබන්ඩාර 

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.