Posts

Showing posts from May, 2020

වැස්සත් පාරයිද හිත්...

Image
පාළු හිත් අද්දර කළු පාට හීනෙක තනිය සායම් කරන වැස්සත් පාරයිද හිත් ... මොහොත වැසි හැලෙනා හිත් ගොසින් දුර අතීතා දුක් සුසුම් සිහි ආවර්ජනා නගයි සිත් සතන් පාරනා පුරුදු සිහියට යලි පැමිණුනා අහවරයි වැස්සත් වස්සනා දුක් දැනේ වැඩිපුරක් පායනා නමුදු වැස්සේ සෙනෙහේ පානා... ✍️  ධනංජි ආලෝකබන්ඩාර 

අම්මේ නුබ අද හිටියානම්..

Image
තනිව බෑ විඳවන්න මෙතරම් තනිව බෑ දුක්වෙන්න මෙතරම් තනිව බෑ හඬන්න මෙතරම් තනිව බෑ ඉවසන්න මෙතරම්... ඇයිද අම්මේ තනි කලේ මා දැන දැනම කවුරුත් නෑ කියා දෛවය මැව්වෙ හරහට තියා කිමද මා කළ වරද සසර පතා.. නොදැනේද විඳිනා සෝ තැවුල් කිමද මව්නේ නිහඬ වියවුල් දෙදරා යාවිදෝ මා නුබෙ පවුල් දැන් දැන් ජීවිත එපාවන අවුල්... මක් කරන්නද මේ මට හිමි සුසුම් නුබෙ නමින් වඩන්නම් තව ඉවසුම්... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

නොකැමැති හීනයකි අතීතය ...

Image
හදවතේ රැවිදෙන මිහිර අමිහිර මන සවන් දෙස නොදන්වා දෑස් අහියස මතක ලෙසින් නැවුම් වන නොකැමැති හීනයකි අතීතය... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

හදේ ගැහෙනා බියැති සුසුමකි...

Image
සිහිනෙන් පවා නුබ උරුම කළ සෝ සුසුම්... විඩාබර හදවත පමාවට ගැහෙන හඬ... දැනුදු නොවෙනස් ව්ටෙක අඩපණ... හදේ රැවිදෙන බියැති සුසුමකි... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

අසතුටේ දෝංකාරය සැකය...

Image
ඝන අඳුරු වලා වැසි මැව් අන්ධකාරය අවුල් වියවුල් නග්න අසතුටේ දෝංකාරය හිත වන් සැකය සම දිවිතෙරේ සාංකාරය දුරු වෙන්න අදුරෙන් අද්භූත මනස්කාරය ✍️ ධනංජි ආලෝකබන්ඩාර

පියුමේ දහම..

Image
හිමිදිරි ළහිරු වතින් සුවඳ තඹර පෙති මතින් පිනි බිඳු නටන රඟන් බිඟු කැල රොනට වඩින් පියුම් නම් පිවිතුරින් නමුදු හෙට දින පහන් මිලින තඹර පෙතිත් ජල තලය මත පතිත් දුක් සුසුම වින්දත් එයයි සමිඳුන් වදාළත් දහමක නියත්... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

දෛවයේ සරදම්

Image
විටෙක ඉකිබිඳ විටෙක සැනහෙන දෛවයේ සරදම් කවර කෙනෙහිලි පැතුම් නිර්මිත හමුව නොසැලෙන රුවක් ඇත මිහිතලේ එපා දැවටිලි නුබට වෙයි විදින්ට සරදම් .... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

කඳුලට හොරා නිදන්න ..

Image
අනන්ත මහා රාත්‍රිය මැද නින්ද නුබ නොආවොත් හනික හුදෙකලා කඳුලු කැට ඔච්චම් කරාවි හනික එපා නොඇවිදින් ඉන්න පමා වුවොත් තනිය මඟනොහරියි විගස මං බලාන ඉන්නේ නුබ එනකන් කඳුලට හොරා නිදන්න. ✍️ ධනංජි ආලෝකබන්ඩාර

අම්මේ...

Image
කලුවර කලු පැහැ බැව් සැබෑව මව්න් නැති ලොව් අදුරයි සැබෑව සෙනේ නිම් සොළොසක් සැබෑව අවාසන උරුම කදුලක සොබාව වින්දා සෙනේ පෑ නොමදව කාරණා දැනුනා ගුණේ ලෝ හොඳම අම්මා හැඟුනා පෙමේ සුව නොව නිම්මා සැලුණා අහිමි දෙනෙත සේ කර්මා ලං වූ කෙනෙක් නැත නුඹෙ පුතු මා විතර සෙනේ පහස නුඹෙ ළය මටයි මා පමණ අසීමිත නුබෙ කැප වෙනුවෙන් මා කවර මෙසිත් නොව තරහා වන්නට නුබ පවර බිලිගත් පිළිකාව වෛරයි මුළු සසර අවසන් හුස්ම පවසයි සුසුමේ රුදුර ලොවක් දන කම්පා මොහොත සැර අමිහිරි පොතට පසු වූවා පස් වසර ක්‍රෝධයි කවුරු උදුරා ගත් මා පණ එපා මව් වන්ට ඊර්ෂ්‍යා සැබෑව මට අහිමි නුබ ඇයිද කාට නම් මව් කාට කුම කෙසේ වෙත් නුබයි දරු වාසනා සසර කරුණක් දනිමි උන්නත් ලෝ කතරේ වාසනාවයි නුබෙ බැලුම් මා කෙරේ රුදුරු ගුණයක් හිත නොව පෙම් කරේ විස්වාසයි මව් සැබෑ තාමත් හිමි ආදරේ මා හීන සැබෑකරම් නුබ සැමදා කීව ආශිර්වාද අවැසියි සිට නුබේ ලෝක පතමි ආත්ම සුගතිය හැමදාමත් වාග ඉල්ලම් කර්ම නුඹ අම්මාව හැම සසර... ✍️ ධනංජි ආලෝකබන්ඩාර