අම්මේ නුබ අද හිටියානම්..

තනිව බෑ විඳවන්න මෙතරම්
තනිව බෑ දුක්වෙන්න මෙතරම්
තනිව බෑ හඬන්න මෙතරම්
තනිව බෑ ඉවසන්න මෙතරම්...

ඇයිද අම්මේ තනි කලේ මා
දැන දැනම කවුරුත් නෑ කියා
දෛවය මැව්වෙ හරහට තියා
කිමද මා කළ වරද සසර පතා..

නොදැනේද විඳිනා සෝ තැවුල්
කිමද මව්නේ නිහඬ වියවුල්
දෙදරා යාවිදෝ මා නුබෙ පවුල්
දැන් දැන් ජීවිත එපාවන අවුල්...

මක් කරන්නද මේ මට හිමි සුසුම්
නුබෙ නමින් වඩන්නම් තව ඉවසුම්...


✍️ ධනංජි ආලෝකබන්ඩාර








Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.