මේ වන විට රටවල් 201 ක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී.කොවිඩ් 19 ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප්‍රදේශය වූත් මේ වන විට මුලු ලොවක් හබා යන්නට කොරෝනාව බලවත් වී ඇත. ඒ අතරින් සිරි ලංකාව මේ ව්‍යසනයට ගොදුරු වන්නේ සිතන්නට වත් නොහැකි වූ පසුබිමකයි.දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 148ක් මරණ 02ක් වාර්තා වන්නට ශ්‍රීලංකා ධරණි තලය අවාසනාවන්ත වූවා නොවේද ? ඔබට මට නොදැනෙන්නට නොහැගෙන්නට ඉඩ තිබූද කොවිඩ් 19 වූ කලී ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය.ජාතියක් ලෙස ඉදිරියට මුහුණ දීමට නම් මෙම අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඒ සදහා මා මෙන්ම ඔබත් පුරවැසියන් ලෙස වගකීමක් උර මත පැටවී හමාරය.එය ඉටුකිරීම යුතුකමකි.සමාජ දුරස්ථ භාවය පිලිවෙත් කර ගනිමින් , දෑත් සේදීමෙන්, මුක ආවරණ බාවිතා කරමින් , අඩියක් පරතරය තබමින් , සාද නොපවත්වමින් , සංචරණයට විරාමයක් තබන්නේ නම් රටක් ලෙස ජාතියක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේය. චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙම කොවිඩ් 19 මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල කල හැකි අයුරින් කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සදහා රටක් ලෙස එක්ව ක්‍රියා කල යුතු මනාය.මෙම කාලය තුළ දින කිහිපයක් ඇදිරි නීතිය...
Comments
Post a Comment