අම්මේ...
කලුවර කලු පැහැ බැව් සැබෑව
මව්න් නැති ලොව් අදුරයි සැබෑව
සෙනේ නිම් සොළොසක් සැබෑව
අවාසන උරුම කදුලක සොබාව
වින්දා සෙනේ පෑ නොමදව කාරණා
දැනුනා ගුණේ ලෝ හොඳම අම්මා
හැඟුනා පෙමේ සුව නොව නිම්මා
සැලුණා අහිමි දෙනෙත සේ කර්මා
ලං වූ කෙනෙක් නැත නුඹෙ පුතු මා විතර
සෙනේ පහස නුඹෙ ළය මටයි මා පමණ
අසීමිත නුබෙ කැප වෙනුවෙන් මා කවර
මෙසිත් නොව තරහා වන්නට නුබ පවර
බිලිගත් පිළිකාව වෛරයි මුළු සසර
අවසන් හුස්ම පවසයි සුසුමේ රුදුර
ලොවක් දන කම්පා මොහොත සැර
අමිහිරි පොතට පසු වූවා පස් වසර
ක්‍රෝධයි කවුරු උදුරා ගත් මා පණ
එපා මව් වන්ට ඊර්ෂ්‍යා සැබෑව
මට අහිමි නුබ ඇයිද කාට නම් මව්
කාට කුම කෙසේ වෙත් නුබයි දරු වාසනා සසර
කරුණක් දනිමි උන්නත් ලෝ කතරේ
වාසනාවයි නුබෙ බැලුම් මා කෙරේ
රුදුරු ගුණයක් හිත නොව පෙම් කරේ
විස්වාසයි මව් සැබෑ තාමත් හිමි ආදරේ
මා හීන සැබෑකරම් නුබ සැමදා කීව
ආශිර්වාද අවැසියි සිට නුබේ ලෝක
පතමි ආත්ම සුගතිය හැමදාමත් වාග
ඉල්ලම් කර්ම නුඹ අම්මාව හැම සසර...
✍️ ධනංජි ආලෝකබන්ඩාර
Lassanai dhigatama liyanna
ReplyDelete