Posts

Showing posts from December, 2020

මා පුත කියමින

Image
------------------------------ බලන් හෙමිහිට මව්න් ඉදිකඩ උදේ දවාලක ඇරන් නෙත් යුග තාම මතකය අදක වගේමය හැරේ පුරුද්දට සිතා නුබ බලාන යාම පෙර පිටව දරා සිනහව මා පුත කියමින මග බලන් ඇති එයම සතුට විනිවිද තිබූ අතීතය කණ කොකෙක් සුසුම්ලන හඬ වැකෙයි සවනට දෙදරා යන්නට එන්නෙපා ගෙට කරුම ලෙඩකට පහන නිවිලා ගෙපැල හරියට සොහොන වාගෙම තිබුනා දවසක කිරි පුසුඹ මතක දවයි තද හිත එපා යන්නට දෙවැට පාරට කෝඩුකාරෙට බැන්ද මව්පෙම මව් සෙනේ ළඟ කීකරුයි අද අහිමි ගිය මුත් සසර අබියස හූල්ලන්නට එපා අම්මට එයා සදහට ගියා දෙව්ලොව පෙරින් කලකට කරුමෙ එළිපිට දුන්නා මටමය ඇයිද දෛවය මතක් වෙනකොට අඬෙයි මොහොතට කරපු පිං හෙම සිහි තියාගෙන එන භවේකට වෙන්න මගෙ මව් පැතුම එයමයි මේ භවය අතහැර හුඟක් කල් මං වෙන්න පැතුමන් හොඳම භවයක් නුබ සමඟම හනිකම.... ධනා 🖤

ඇයයි කාටත් ගිරිදේවි ....

Image
වෙලාගත් හිත පාරවන නමුදු වත මුකුලිතව රිදුම් දත කාට කාටත් ඇත ජීවිතේ දුක්බරයි ඉරිතැලුණ සියුම් සංතාප මුහුවුණ ජීවිත කතන්දර යහමින් රිදුණ පුදුමයි නම් හමුනොවුණ යුක්තියක් නැති තැනට යක්ෂවෙස් ගත්තට ආත්මය වහන්කරගත් පාපෙට අප්පෙක් අතුරුදන් විය කෙල්ලට තන කිරක රස නාදුනන ඇහේ තියාගෙන හදන ගුණයි කියකිය දංකුඩම කන සීතම්මලා සංසාරේ හමුවුන අකුරුත් නොරොක් වී අහක බැලුවාම ගමේ ඉස්කෝලෙත් පලා බෙදුවාම කම්බිවැට හූරගෙන රිදුන සුදුගවුම අඩන ඉකියක් අහන්නට දෙවිවරුම දුකම විඳලා ගත් සුසුමට ඇත අරුතක් හෝ කවදට එදවස තෙක් ඉවසන් ඉන්නට දුක් ගන්න රාළලා මොකට එක මොහොතට.....! ප්‍රේමයෙන් ආතුරවෙන්න අතින්අතනෑර ජීවිතේ දුරයන්න අහඹුවත් සැමරුමක් ඇතිකමක රැදුන අකුරු කවිවුණත් අවසනක් නොමදැන ජීවිතේ උහුලාවී ඉකිබිදුම් සඟවාවී යක්ෂවෙස් අරගෙන ඒවි ඇයයි කාටත් ගිරිදේවී.... ------------------------

ආදරේ කියන්නෙම හිමිවිම මත ඉපදෙන අහිමිවීමට අහිමිවීම මත ඉපදෙන හිමිවීමට....

Image
බැදීම් " මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ...ඒ බැදීම් වලට කල්ඉකුත්වෙන දවසක් අපි කාටවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ... මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගෙ උණුවෙන තැන් එනවා...දැනෙන පිරිමියෙක් ළඟ ජීවිතෙ විදින්න හීන දකිනවා...ඇරියස් වෙච්චි කතන්දර හිතින් වළදාලා ආයෙම ඉපදෙන්න හීන මවනවා.... ගෑණු හිත් එහෙමයි..... හැම ගැහැණියක් ඇතුළෙම යක්ෂණියක් ඉන්නවා...ඒ වගේම දේවතාවියෙකුත්... ඒක තීරණය වෙන්ඩ වටපිටාවත් සෑහෙන්ඩ බලපානවා... සදුන්ලා ආශලා පෙරුම්පුරන ලස්සන ජීවිත දිහා බලන්ඉන්න බැරි අමනුස්ස ආත්ම ඇති....හැමදේටම වැඩියෙන් ආදරේ සෑහෙන්න බලවත් කිවුවට අපිට තියෙන්නෙ බලාපොරොත්තු දල්වාගෙන බලාන ඉන්නෙක විතරක් වෙන්නත් පුළුවන්..විකල්පක් නැති මොහොතකදි.... ජීවිත මොනපිටට පෙරළුණත් දුකම වළදන ජීවිතවලට ආශිර්වාදයක් කොහෙන්ම හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද.... මෙතුවක් දවසක් හුරු පුරුදු චරිත අද අවසන සටහන් තබද්දි දැනෙන වචනවලට පෙරළන්න බැරි හැගීමක්... සීතම්මා ,සදුන්,ආශා,සදුන්ගෙ අම්මා,රූපිකා,වසන්ත මහත්තයා,චාන්දනි,සෝමේ, කුමාර මේ හැම චරිතයක්ම චරිතයක් පමණක්ම නෙවෙයි....නේක නේක හැඩයන් වලින් මේ සමාජෙම අපවටා ජීවත් වෙන...

මකා දැම්මා පින්සලෙන් ...

Image
හිමනම් මොටද සට සට ගා හැලෙන රැකුමට නොහැකිනම් මේ දිය මෙන් සබද හිරු දැක වියක ගියමුත් සොයලා දියබ බලා උන්නේ මියෙන තුරු හිරු දිය පොදත් රැඳෙනකම් නමුදු මියුනොත් නුබ ජීවයත් හීනයක් වලා පෙල හැඩ කරන්නට නම් දියබ ඕනේ මතුවටත් හිනහුනා හිරු යන්තමින් වැසි වැටෙන්නටත් කලියෙන් අහස හැඩ කොට සිතුවමින් සැඟවුනා හිරු ඔච්චමින් වලා අතරින් හිනහෙමින් එබී බැලුවා සඳ හොරෙන් අනේ කොහොමද හිත හදන් දුක අහසට කියන් හිනා වෙන සඳ කඳුලකින් මකා දැම්මා පින්සලෙන්... 🖤 ධනා

නොසෑහෙන්න

Image
හමු නොවුන හිත්වලත් තිබුණා ආදරේ උතුරන්න.. හිමි නොවුන තැන්වලත් තිබුණා ආදරේ සිහිවෙන්න... හමු වෙච්ච හිත්වලත් තිබුණා ආදරේ මියැදිච්ච.. හිමි වෙච්ච හිත්වලත් තිබුණා ආදරේ හැංගිච්ච.. නොගැලපෙච්ච හිත් වලත් තිබුනා ආදරේ දළුලන්න... ගැලපෙච්ච හිත් වලත් තිබුනා ආදරේ නොදැනෙන්න... අසම්මත හිත් වලත් තිබුනා ආලය නොසෑහෙන්න...    ධනා 🖤

තිතක් තියලා කොමාවක් කරාපු...

Image
පියාපත් වල නුබට ලියාපු සිහිල් සුළඟට අඬ ගසාපු මුදා හැලුවෙමි නෙත් පියාපු තිතක් තියලා ඒ කොමාවක් කරාපු හිතුණත් බෝ වාරයක් නොකරාපු හැමදාට කොමාව වරම් නොදෙන හින්දා එකම කාරණයක් හිත් ඇතුලේ නලියාපු තිතක් තියල නවත්වන්න බෑ හැබෑවට පෑන් තුඩ උතුරාපු කඩදාසියේ මතක තාමත් හිතක දොඩමාලු 🖤 ධනා                       ,.

අදහා බෑ....

Image
හිත නිවන වචනෙක අයිතිය සොඳුරු හැඟුමක දැනුනද ක්ෂණය පමණක අදහා බෑ එය මුසාවක ඉන්න හිතේ එක් පැතුමක ආසයි තනි වෙන්න මොහොතක ඒත් බෑ දනිමි හිත් මුලාවක මතක එක් කොට ගොන්නක හිත හිතා උන්නද වරදක නිසා හිතුවෙම් හිතක ගුලි කොට දමා ඇල්ලක පා කොට යවා ඈතක මවා හසරැල් හිස් හිතක ඈත් වෙන්නම් හීනෙක පතා පාව යන්නනට දුරක වරදක් උනා අයදා සමාවක... ධනා 🖤

දෛවයට පද වියත්...

අහසේ දිලෙනා සඳත් හිරුට හැමදා යටත් අදක් නැති විටත් නැති වෙයිද හෙටත් පිනට බර සිතත් දුර යාවි හඬත් දෛවයට පද වියත් විදිනට වේවි පවත් දිවියට මඟ දුරත් සසර විඳිනට තවත් හැකි වේද කය මළත් ඉන්න ටික දොහත් අසා දැන පද බණත් ගෙවා දිවි මන හදත් පුදා පුදසුනට ගරුත් වෙමුය විට ලෝ අරුත් එසේ ජීවය නැති මුත් විඳිනට වේය දුකකුත් එය විය සත්‍ය පිළිගත් කළ කමුත් පළ දෙත් එයයි සැමදා දැන යුත් කළ වරදට සමාවත් අයැද කරනෙම් වතාවත්... ධනා✍️

යන්තන් වැහැලා පායන්ට...

Image
පාට දුන්නේ විහිදෙන්නට දුර ඈත ඉදන් දේදුන්නට ඉස්සර අහසේ දිදුලන්ට කඳු පාන එහා හිනහෙන්ට යන්තන් වැහැලා පායන්ට බූරවි එනවලු ගෙනියන්ට කවුරුන් ආවත් නිල් අහසට මතක පොත් නොයා හුළඟට සැරට නොආවේ හනිකට නුබ දුන්නා ඉඩ දේදුන්නට ඒ එකම අහස හුළි හුළඟට බූරවිත් කැමති වැහි කළුවට නෙවේ දේදුණු පාටට... 🖤 ධනංජි ආලෝකබන්ඩාර