මකා දැම්මා පින්සලෙන් ...

හිමනම් මොටද සට සට ගා හැලෙන
රැකුමට නොහැකිනම්
මේ දිය මෙන් සබද
හිරු දැක වියක ගියමුත් සොයලා දියබ
බලා උන්නේ මියෙන තුරු හිරු
දිය පොදත් රැඳෙනකම්
නමුදු මියුනොත් නුබ
ජීවයත් හීනයක්
වලා පෙල හැඩ කරන්නට නම්
දියබ ඕනේ මතුවටත්

හිනහුනා හිරු යන්තමින්
වැසි වැටෙන්නටත් කලියෙන්
අහස හැඩ කොට සිතුවමින්
සැඟවුනා හිරු ඔච්චමින්
වලා අතරින් හිනහෙමින්
එබී බැලුවා සඳ හොරෙන්
අනේ කොහොමද හිත හදන්
දුක අහසට කියන්
හිනා වෙන සඳ කඳුලකින්
මකා දැම්මා පින්සලෙන්...


🖤 ධනා




Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.