ඇයයි කාටත් ගිරිදේවි ....

වෙලාගත් හිත
පාරවන නමුදු වත
මුකුලිතව රිදුම් දත
කාට කාටත් ඇත

ජීවිතේ දුක්බරයි ඉරිතැලුණ
සියුම් සංතාප මුහුවුණ
ජීවිත කතන්දර යහමින් රිදුණ
පුදුමයි නම් හමුනොවුණ

යුක්තියක් නැති තැනට
යක්ෂවෙස් ගත්තට
ආත්මය වහන්කරගත් පාපෙට
අප්පෙක් අතුරුදන් විය කෙල්ලට

තන කිරක රස නාදුනන
ඇහේ තියාගෙන හදන
ගුණයි කියකිය දංකුඩම කන
සීතම්මලා සංසාරේ හමුවුන

අකුරුත් නොරොක් වී අහක බැලුවාම
ගමේ ඉස්කෝලෙත් පලා බෙදුවාම
කම්බිවැට හූරගෙන රිදුන සුදුගවුම
අඩන ඉකියක් අහන්නට දෙවිවරුම


දුකම විඳලා ගත් සුසුමට
ඇත අරුතක් හෝ කවදට
එදවස තෙක් ඉවසන් ඉන්නට
දුක් ගන්න රාළලා මොකට එක මොහොතට.....!

ප්‍රේමයෙන් ආතුරවෙන්න
අතින්අතනෑර ජීවිතේ දුරයන්න
අහඹුවත් සැමරුමක් ඇතිකමක රැදුන
අකුරු කවිවුණත් අවසනක් නොමදැන

ජීවිතේ උහුලාවී
ඉකිබිදුම් සඟවාවී
යක්ෂවෙස් අරගෙන ඒවි
ඇයයි කාටත් ගිරිදේවී....
------------------------


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.