ආදරේ කියන්නෙම හිමිවිම මත ඉපදෙන අහිමිවීමට අහිමිවීම මත ඉපදෙන හිමිවීමට....

බැදීම් "
මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ...ඒ බැදීම් වලට කල්ඉකුත්වෙන දවසක් අපි කාටවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ... මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගෙ උණුවෙන තැන් එනවා...දැනෙන පිරිමියෙක් ළඟ ජීවිතෙ විදින්න හීන දකිනවා...ඇරියස් වෙච්චි කතන්දර හිතින් වළදාලා ආයෙම ඉපදෙන්න හීන මවනවා....

ගෑණු හිත් එහෙමයි.....
හැම ගැහැණියක් ඇතුළෙම යක්ෂණියක් ඉන්නවා...ඒ වගේම දේවතාවියෙකුත්...
ඒක තීරණය වෙන්ඩ වටපිටාවත් සෑහෙන්ඩ බලපානවා...

සදුන්ලා ආශලා පෙරුම්පුරන ලස්සන ජීවිත දිහා බලන්ඉන්න බැරි අමනුස්ස ආත්ම ඇති....හැමදේටම වැඩියෙන් ආදරේ සෑහෙන්න බලවත් කිවුවට අපිට තියෙන්නෙ බලාපොරොත්තු දල්වාගෙන බලාන ඉන්නෙක විතරක් වෙන්නත් පුළුවන්..විකල්පක් නැති මොහොතකදි....

ජීවිත මොනපිටට පෙරළුණත් දුකම වළදන ජීවිතවලට ආශිර්වාදයක් කොහෙන්ම හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද....

මෙතුවක් දවසක් හුරු පුරුදු චරිත අද අවසන සටහන් තබද්දි දැනෙන වචනවලට පෙරළන්න බැරි හැගීමක්...
සීතම්මා ,සදුන්,ආශා,සදුන්ගෙ අම්මා,රූපිකා,වසන්ත මහත්තයා,චාන්දනි,සෝමේ, කුමාර මේ හැම චරිතයක්ම චරිතයක් පමණක්ම නෙවෙයි....නේක නේක හැඩයන් වලින් මේ සමාජෙම අපවටා ජීවත් වෙන චරිත ....

කතන්දරේ අවසන් වෙනවා කිවුවම ශෝකවෙන ප්‍රේක්ෂකයෝ හදාගන්න තරමට ගිරිදේවී අතිබහුතරයකගෙ හිත් අල්ලගෙන කියලයි මට හිතුණේ...

ශාන්ති දිසානායක මහත්මියගෙ නවකතාව හොයාගෙන කියවන්න උනන්දු වෙච්චි පිරිසක් ටෙලිනාට්‍ය හේතුකරගෙන නිර්මාණය වුණා....

ගිරිදේවී කියන්නෙ හොඳ කියවීමක්....
පොතක පිටු අතර ජීවත්වෙච්චි චරිත අපි අතරට අරන් එන එක සුළුපටු කාරණාවක් නොවෙන්ඩ ඇති ඇත්තටම.......
කොතෙකුත් ටෙලිනාට්‍ය බලා ඇත්තෙමි...ඒත් හිතේ පලපැදියම් වුනු ටෙලිනාට්‍ය තිබුනේ අතලොස්සකි...ටෙලිනාට්‍ය වංශ කතාව දියාරු වෙමින් තිබූ අවධියක යලි පනගැහෙන ටෙලි කතා නිර්මිත වෙමින් පැවතුනි.ඒවාට ලං වන්නට කරට කර තරග කරන්නට සමකරන්නට නිර්මාණය වූ දැවැන්ත නිර්මාණයක් ලෙස ගිරි දේවි 8.30 කණිසම අහම්බෙන් ඇස දුටිමි...යක්‍ශණියක වූ ගැහැණියකගේ ස්වයංවරය තේමාන්විතය රැගත් අපූරු
ගිරිදේවි ටෙලිනාට්‍ය කියන්නෙ ටෙලිනාට්‍යයක්ම නෙවෙයි...
නිවැරැදි කිරීමක්...
ඔව්..
නිවැරදි කිරීමක්.

හැදූ වැඩූවන්ගේ සිට නොදන්නා නුපුරුදු උන්ගෙන් පවා තැලෙමින්, පොඩිවෙමින්,සීරෙමින්,වැටෙමින් අයෙමත් නැගිටිමින් හතිලමින්, දුවමින් පපුපතුලේ කකියමින් රිදුම්දෙන වේදනාවන් බිඳකුදු ඉහළට විත් ඇහිදාර දිගේ පල්ලම් බහින්නට නොදෙනා සමස්ත කුමරි කුලයේ යක්ෂණියන්ගේ ධෛර්යයෙන් වෙළුණු ඒ කඳුළු කතාන්දරය කතුවරිය විසින් මහාගැඹුරු ආගාධයක ක්ෂණයෙන් වළලා අහවර කර දැමූ කලෙක,

ඉන් නොසෑහී,නොනැවතී ඒ ගැඹුරු පතුලේ කිමිද මුළුමනින්ම ඔසවාගෙන විත් උස් පූජාසනයක තබා සිදුකළ හරි අපූරු යුගයේ විශිෂ්ටතම නිවැරදිකිරීමයි..
ගිරිදේවි පාඨකයන්ටත්,ටෙලිනාට්‍ය රසිකයන්ටත් රිදුම්දුන් හීන්වේදනාවක නැසුමයි...
පහුබහිමින්,බියෙන් තැතිගත් සමස්ත ආශාවියන්ටම හයිවෙන්නට මහාහඬින් දුන් අත්පොලසන් නාදයයි...

ඉතින්,
තිරරචක තුමනි,
අධ්‍යක්ෂකතුමනි,
නිෂ්පාදකතුමනි,
ඔබේ ඒ නිවැරදි කිරීම අගය කිරීම කළ යුතු නිසාවෙන්ම මෙසේ අකුරු කළෙමි.
ඒ නිවැරදි කළ අවසානය නිසාවෙන් දැනුණු සතුට,
එසේ දැනෙන අවසාන හෝරාව මේ යැයි හැඟුන විට දැනෙන දුකට නොදෙවෙනි බව,
සමාප්තයි ලෙසින් තිරය අඳුරු කළ මොහොතේ,
හැකි උපරිමයෙන් වෙර යොදා ඉහළට ඇදගනිමින් සීරුවෙන්,හෙමින් පහළට හෙලා යැවූ සුසුම් ඔබට ඇවිත් රහසේ මුමුණා කියාවී...

ආශා..........
උප්පත්තියම අවාසනාවක් කර ගත් ඇය ,දරුවකුට ලත් මව් සෙනෙහස කෲර ලෙස ඇගෙන් උදුරාගත් මාතෘත්වයට වෛර කරන මුලුමහත් සමාජයම පිලිකුල් කරන, මිනිසුන්ගේ පාපතර අදහස් වලට එරෙහි වන මුරණ්ඩු , සමාජය විසින්ම යක්ශණියක් කරගත් මනුස්ස යස්සනීයයි.

සදුන් .
සමාජයටම වෛර කරන පිරිමින් දුටුවන් යක්ශාවේශ වන ඇයගේ ගල් හිත දෙවෙනිවරට වෙඩරු පිඩක් කල යතාර්ථ ප්‍රේමයට අස්වැසිල්ලක් වූ..අතීතය තුල අස්සමත ප්‍රේමයකට මුල්ගත් වූ පොළව මතින් පණගැසූ ප්‍රේමාදරයා.....

යන ප්‍රධාන චරිතයන් දෙක අතර දෝලනය වූ සීතම්මා,අම්මා,බාප්පා,කුමාර සදුන්ගේ මව,මාමා,රූපිකා නැන්දා ඇතුලු චරිතාංග රැසකින් පෝෂණය වූ මෙම වෘතාන්නතය ශාන්ති දිසානායක ගත් කතුවරියගෙ ගිරිදේවි නවකතාව තුල ඉපද සමන්ත කුමාර දක්ශ තිර රචකයාගේ රචනයේ පුනුරුප්පත්තිය ලබා ඉන්දික ධර්මරත්නයන්ගේ මෙහෙයවීමෙන් ඉන්දික ලක්මාල්ගේ කෝණයෙන්
ශ්‍රිනාත් පෙරේරාගේ නිෂ්පාදනයෙන්
සංස්කරනය . විරංග කැටපේආරච්චිගේ සංස්කරණයෙන්, ශතිස් සුාරන්ද්‍රගේ සංගීත ස්වරයෙන්,ප්‍රියන්ත වන්නිනායකගේ අංග රචනයෙන්,උදාර චින්තකගේ කලාඅධ්‍යක්ෂණයෙන් තිරය පිටුපස වීරයන්ගේ මෙහෙයෙන් නිර්මාණය විය .

ජීවමාන රංගනයන් තුලින් රංගන ශීල්පීන් අතින් පනගැන්වුනු ගිරිදේවි....
ගිරිදේවි සම්මාන ලැබිය යුතු පැසසුමට ලක්විය යුතු විශිෂ්ට නිර්මාණයකි ...
එහි රූප කෝණ සංගීතය රංගනය කලා මෙහෙයවීම මෙන්ම අංග රචනය ආදි සියලුම කාරණා පැසසුමට ලක් විය යුතුම වේ...

ඉදින් ගිරි දේවිය ටෙලි කෘතියක් පමණක නොව අද සමාජය තුල අනේක විධි තාඩන පීඩන වලට ගොදුරු වූ තරුණියන්ගේ මෙන්ම සමාජ රාමුවල ජීවන්වන්නගේ ඇත්ත තිත්ත ජීව්ත කතාවන්ගේ එකතුවයි.....

යක්ශණික් වූ ගැහැණියකගේ ස්වයං වරය මෙසේ සමාප්ත උවත් අදටත් හෙටටත් ඒ ස්වයංවර එලෙසවම ජීවමානව පවතීවී..


🖤 ධනා 


Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.