යන්තන් වැහැලා පායන්ට...

පාට දුන්නේ විහිදෙන්නට
දුර ඈත ඉදන් දේදුන්නට
ඉස්සර අහසේ දිදුලන්ට
කඳු පාන එහා හිනහෙන්ට
යන්තන් වැහැලා පායන්ට
බූරවි එනවලු ගෙනියන්ට
කවුරුන් ආවත් නිල් අහසට
මතක පොත් නොයා හුළඟට
සැරට නොආවේ හනිකට
නුබ දුන්නා ඉඩ දේදුන්නට
ඒ එකම අහස හුළි හුළඟට
බූරවිත් කැමති වැහි කළුවට
නෙවේ දේදුණු පාටට...



🖤 ධනංජි ආලෝකබන්ඩාර 

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.