අදහා බෑ....

හිත නිවන වචනෙක
අයිතිය සොඳුරු හැඟුමක
දැනුනද ක්ෂණය පමණක
අදහා බෑ එය මුසාවක
ඉන්න හිතේ එක් පැතුමක
ආසයි තනි වෙන්න මොහොතක
ඒත් බෑ දනිමි හිත් මුලාවක
මතක එක් කොට ගොන්නක
හිත හිතා උන්නද වරදක
නිසා හිතුවෙම් හිතක
ගුලි කොට දමා ඇල්ලක
පා කොට යවා ඈතක
මවා හසරැල් හිස් හිතක
ඈත් වෙන්නම් හීනෙක
පතා පාව යන්නනට දුරක
වරදක් උනා අයදා සමාවක...


ධනා 🖤

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.