දෛවයට පද වියත්...

අහසේ දිලෙනා සඳත්
හිරුට හැමදා යටත්
අදක් නැති විටත්
නැති වෙයිද හෙටත්
පිනට බර සිතත්
දුර යාවි හඬත්
දෛවයට පද වියත්
විදිනට වේවි පවත්
දිවියට මඟ දුරත්
සසර විඳිනට තවත්
හැකි වේද කය මළත්
ඉන්න ටික දොහත්
අසා දැන පද බණත්
ගෙවා දිවි මන හදත්
පුදා පුදසුනට ගරුත්
වෙමුය විට ලෝ අරුත්
එසේ ජීවය නැති මුත්
විඳිනට වේය දුකකුත්
එය විය සත්‍ය පිළිගත්
කළ කමුත් පළ දෙත්
එයයි සැමදා දැන යුත්
කළ වරදට සමාවත්
අයැද කරනෙම් වතාවත්...



ධනා✍️

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.