Posts

Showing posts from October, 2020

සෙවණැල්ල දැනුණත්💗

Image
හිතක තනි මකන සිතුවිල්ලක සෙවණැල්ල නුබ නේද යා වෙච්ච වරදකාර හිත් ගලපා පාවෙච්ච හිතේ කොනක ආදරයක් තිබුනාමද හිතට බර වූ හිත් කතාන්දර පැටලුණාමද පෙම් අසම්මත සෙනෙහෙකම් වෙනින්දාක නොලැබු හිතට දැනුනිදෝ පවක් කළ විගසක කිසිදාක නොව එකතුවක් සිතුවිල්ල වරදක් සෙවණැල්ල දැණුනත් නොවේ යලි වරදක් සිතින්වත් පොරොන්දුව රකිනවා සමාවුව.... 🖤 ධනා 💙

නමක් නොමැති

Image
හිත් අද්දර නමක් නොමැති මතක පොදක් සියොළඟ දැවටුණු සිහිනෙක මියුරු ... නොවේ එය ප්‍රේමයක් නොවේ එය මිතුදමක් නොවේ එය සහෘදයෙක් තහවුරුයි මිරිඟුවක්... -ධනා🖤

🖤

Image
හිත හිතා හඬන තරමට කවුරුන්ද දුක් දුන්නේ අහසට ගැහී ගැහී ගිගුරුවත් අකුණු තරහට හැමදාම සැලුණෙ නෑ පොළොව සද්දෙට.. ඉදහිටත් හිනාවෙන්නට නුබය සඳ හේතු හැමදාම නුබ උරුම නෑ දන්නවා අහස නුබ අයිති හිරුටයි දන්නවා සිත් පහස සිතුවිල්ලත් වරදක් එයයි සැබෑව... -ධනා😍-

සැනසිලි

සමහර තැන්හි මට කරපු ඇවටිලි හිත නුබත් කරන්නෙම රැවටිලි ලිහ ලිහා නිමක් නැති පැටලිලි අයිති නැති නාදුනන හිත් දැවටිලි අසම්මත යැයි සිතක සිතුවිලි සොයා ඇවදිමි ලොවෙත් නැති සැනසිලි...   ධනා 💜️
Image
වළාවක් යටට වී විඳින විට ගිමන් සුව සුළඟ විත් සලනවා චාටුවට පවන් රොද සීතලක් දවටලා මන සවන් ලඟ වැහි බිඳක් සිඹිනවා හිත් දෑල අබියස... බලෙන් හිත් නිදි කරන සමහර දවස් වල හිත රැදෙන්නෙම අයිති නැති හීනවල සීතලත් ගතු කියන හවස් වල නුබ ඉන්නවා දැනෙනවා හිත බිදුණු තැන් වල... නවතින්න බැරිම තැන අසංවර හිත මට අතහරිනවා යන තැනක යන්නට හිත වාවන්න බැරිම තැන දුක අරන් එන්නට අසරණයි මං මගෙම හිතුවක්කාර හිත අසම්මත කවිය නුබ සිත් පරතෙරක පැතූ...

හැබෑව

Image
හිත හිතා හඬන තරමට කවුරුන්ද දුක් දුන්නේ අහසට ගැහී ගැහී ගිගුරුවත් අකුණු තරහට හැමදාම සැලුණෙ නෑ පොළොව සද්දෙට.. ඉදහිටත් හිනාවෙන්නට නුබය සඳ හේතු හැමදාම නුබ උරුම නෑ දන්නවා අහස නුබ අයිති හිරුටයි දන්නවා සිත් පහස සිතුවිල්ලත් වරදක් එයයි සැබෑව... -ධනා🖤

පායන්ට බැරි...

Image
මොහොතක ඉඩෝර පෑයූ හමු විය සාර බිමක් සාදර නමුදු මිරිඟුවක් ආදර පායන්ට බැරි මේ කපේ කවර සිත් ආල පමණක් නාබර තබා සිටිනෙමි නිතොර එයයි විය යුතු පවර.. ධනා 🖤

ගෙල සිඳින අවියක්

Image
තෙතක් නැති හිතක් ලග තියේවිද ප්‍රේමයක්... ඉඩෝරයක මැව් හිතකට කුමටද සාර කල්පනා... ප්‍රේමය ගැන තවත් ලියා කුමටද කවියක්... ප්‍රේමය කියන්නෙම අද ගෙල සිදින අවියක්... -ධනා-🖤

කෝම කියන්නද අහසට

Image
වාවගන්න කියා මා කෝම කියන්නද අහසට බැරිම නම් උහුලන්න හඬන එක තමා හොඳම කඳුළු වැහි උතුරන්න.. දරාගන්න කියා මා කෝම කියන්නද පොළොවට දරාගන්න බැරිඋනත් වැහි කඳුළු වල බර ඉවසන එක තමා හොඳම .... වෙන දෙයක් වෙන්නට

තුහින පාවඩ

Image
ප්‍රේමයේ මල් තුහින පාවඩ කටු පඳුරු මත සිර වෙලා වේදනාවක් පමණි දැනුනේ අවසානයට පෙර ඇහැරුනා.. සිහින ගිනිගෙන සීත දිය මත මතක අළු ඔහේ පා වුනා හිතේ තනියට තනි රකින්නට නෙතේ කදුළක් නැවතුනා...

පෙම් කලේ මිරිඟුවට...

දැන දැනත් හිත පෙම් කලේ මිරිඟුවට අමතකයි සිත් දෑල අබියස අයිතියක් නොවුනාම හිත් මිරිඟුවත් විය වෙනස් සැබෑවට විය යුතුම බැව් සිත් තදින් පිළිගන්න හැකි නම් මිරිඟුවත් ජය පැන් බිඳක් දුටුවා..... -ධනා 💜️-

බියැති සුසුම

Image
සිහිනෙන් පවා නුබ උරුම කළ සෝ සුසුම්... විඩාබර හදවත පමාවට ගැහෙන හඬ... දැනුදු නොවෙනස් ව්ටෙක අඩපණ... හදේ රැවිදෙන බියැති සුසුමකි... -💜️ ධනා-

කඳුලට හොරා නිදන්න...

අනන්ත මහා රාත්‍රිය මැද නින්ද නුබ නොආවොත් හනික හුදෙකලා කඳුලු කැට ඔච්චම් කරාවි හනික එපා නොඇවිදින් ඉන්න පමා වුවොත් තනිය මඟනොහරියි විගස මං බලාන ඉන්නේ නුබ එනකන් කඳුලට හොරා නිදන්න.. -💜️ ධනා -

අඳුරට පෙම් බැඳි...

Image
අමාවක සිත් අහසේ ඝනදුරට ඔච්චම් කරන පුංචි කණාමැදිරියෙක් මා පිළිගන්න හැකිද මමත් වැඩිපුරම බය කට්ට කරුවලට නැති නම් මොටද මටම එළියක්.. නොකීවට මාත් කැමතිම පුර හඳ තියෙන දවසට ඒත් නොදනිමි තවම ඇයිද අඳුරට පෙම් බැඳි..

රහසේම ගෙත්තම්

Image
සිත් පුරා එක හීනයක රහසේ ම ගෙත්තම්  අයිතිකම් නැති සසරේ සිතින් පමණක් බැඳි ආල සිත්තම හැඟි කාටත් නැත බාධා...  - ධනා -