වළාවක් යටට වී විඳින විට ගිමන් සුව
සුළඟ විත් සලනවා චාටුවට පවන් රොද
සීතලක් දවටලා මන සවන් ලඟ
වැහි බිඳක් සිඹිනවා හිත් දෑල අබියස...

බලෙන් හිත් නිදි කරන සමහර දවස් වල
හිත රැදෙන්නෙම අයිති නැති හීනවල
සීතලත් ගතු කියන හවස් වල
නුබ ඉන්නවා දැනෙනවා හිත බිදුණු තැන් වල...

නවතින්න බැරිම තැන අසංවර හිත මට
අතහරිනවා යන තැනක යන්නට හිත
වාවන්න බැරිම තැන දුක අරන් එන්නට
අසරණයි මං මගෙම හිතුවක්කාර හිත
අසම්මත කවිය නුබ සිත් පරතෙරක පැතූ...

Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.