අඳුරට පෙම් බැඳි...

අමාවක සිත් අහසේ
ඝනදුරට ඔච්චම් කරන
පුංචි කණාමැදිරියෙක් මා
පිළිගන්න හැකිද
මමත් වැඩිපුරම බය
කට්ට කරුවලට
නැති නම් මොටද
මටම එළියක්..
නොකීවට මාත් කැමතිම
පුර හඳ තියෙන දවසට
ඒත් නොදනිමි තවම
ඇයිද අඳුරට පෙම් බැඳි..


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.