Posts

Showing posts from April, 2020

මැවුණු සිනා

Image
සිනා රැල්ලක හසරැල්ල නොබෝ දිනක අරුණැල්ල ලෙසින් පැතූ පවනැල්ල දැවටූ මන සෙවණැල්ල නෝක්කාඩු සිත මනදෝලි අහේතුකයි සිනහා මැවිලි හැඩුම් කාරණා මැසිවිලි එරෙහියි අභිමුඛ සිනහාවිලි ආදරබර දෝරේ මැවූ සිනා විලස හීනේ පෙමින් පානා කදුල පරදා රැක්ක සිනා මවා කදුල හසැරැලි මනා ✍️ ධනංජි ආලෝකබන්ඩාර ❤️

දෛවය

Image
උපන්නේ කෙදින පටන් නුඹම දැනුම් කෙනෙහිලි සටහන් නුඹත් හරි අපූරුයි දිවිමන් කුහුල සාධාරණද පටන් අවැසි සරණ අසරණ තනිය මකන් නුඹයි ලෙන්ගතු කදුලු මවන් සිහියි මෙමා සියල් මොහොත නම්න් නොඅවැසි විස්ම දැරුම් හිතේ ඔවන් සංස්කාර නම් කෙදින තිතේ ගෙවන් අයිතිය කවද කිම් හිමි විමන් ඉවසා සරදම් දැරුමෙන් අයා සවන් බාරයි නුබට දිවිපරතෙර මවන් තනියෙන් තනිකමට ඇබ්බැහි වූ සිතන් හීනෙකින් හැකිවීද පාරන් නමුදු සදා ලෙන්ගතුයි සේ පවන් විලස් හැකි සැනසුම පමණ ඉල්ලන්.... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

විවාහය තවත් එක් වූ අදහසකින්

Image
"උරුම කෙනාලු හම්බෙන්නේ " "සංසාරේ පතාගෙන ඇවිල්ලද කොහෙද" "මොනා කීවත් ගෙවන්න තියෙන කරුම ඕවා" " දැන් කරන්න දෙයක් නෑ දුක උහුලන් ඉන්නවා මිසක්" අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනයක් තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද. විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.තමාට ගැලපෙන සහකරු හෝ සහකාරිය ජීවිතයට ලැබුනොත් විවාහය සාර්ථක ලෙස මියයන තාක් එක්ව සතුටින් ජීවත් විය හැක.එසේ නොවන්නේ නම් ඉතා විසල් දුක් ප්‍රභවයක්ම ලැබෙනු ඇත.මන්ද තනි පුද්ගලයකු ඒ කියන්නේ දෙමාපිය සුවදේ වැඩෙන තරුණයා හෝ තරුණිය පියවරක් ඉදිරියට නික්මීම විවාහය තුල කෙසේ නම් ජීවිතය වෙනස් වන්නේද.විටෙක හරි අපූරු ගැලපෙනම සහකරු හමු වී ජීවිතය හරි...

අහසේ සයුර බැදුණු සෙනෙහේ

Image
තේජසේ සයුරු රළ හඹා සයුරේ බිදිති ගත පිනා සිහිලේ සිහිල් මන දොවා සුසිනිදේ වැල්ල ජල දෝරා පිවිතුරේ පසළොස් සදු දිහා දිදුලේ රශ්මි හිරු වටා නිසලේ අමාවකයි අහස් නිවා බැබලේ දිලුම් තරු බලා අහසේ සයුර බැදුණු සෙනෙහේ පින්නේ ජලය එක්ව සෙනෙහේ වැස්සේ වැල්ල පැතූ සෙනෙහේ අමාවකේ පසළොස්ට නොහිමි සෙනෙහේ තරුකැට සයුරේ දිදුලාදෝ සද හිරු සයුරේ පායාදෝ හිම වැසි සයුරේ හැදුනාදෝ වළාරිදීරේඛා සයුරේ හඩලාදෝ රළ අහසේ වළාසේ නැගේදෝ වැලි මාලිගා අහසේ සාදාදෝ සයුර අහසේ නිසල වේදෝ සයුර නොවෙද අහසේ ප්‍රභා අහස නොවෙද සයුරෙ ප්‍රභා ✍️ ධනා ආලෝකබන්ඩාර

නුබයි තනිකම මටම හිමි...

Image
මටම හිමි නුබෙ සෙනේ මටම ලැදි නුබෙ පහසේ මටම මැව් නොහැර මිතුදම් කෙනෙකු නොව නුබ තරම් ලෙන්ගතු රැක්ක නුබ මතක ඇති කලෙක සිට නැත තාමත් වෙනසක අරුමයක් දැනී ඇවැසි සියල් මොහතතක නමින් නුබ ආදරෙයි මා වෙන්දටත් එහා අනන්ත නැගෙන උරුමයක කෙනෙහිලි දෛවයක සැටි මටම මැවු සරදම නමුදු නිසැක නුබෙ ලෙන්ගතු සෘජු මා රුව දිසි ලැබුවාද සරදම් නුබම ජය වුව විසල් පැරදුම් වුවද හිමි නුබ නුබත් ලෙන්ගතු විලස වගකීම යුතුම පැවසුම් යලි නුබට පමණයි මා සෙනේ නුබයි තනිකම මා මටම හිමි......... ✍️ -ධනා-

තාරුණ්‍යයට ඇවැසි විවාහය

Image
අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනය තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද. විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. සමහර අයට ඔවුන්ගේ ජීවිතේ ඉතිරි අඩ ගෙනියන්න ගැලපෙනම සහකරු ලැබෙනව. එහෙම ගැලපෙනම කෙනා ලැබුනොත් ඒ විවාහය ඉතාම සාර්ථක විවාහයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ අතරෙ තවත් සමහරුන්ට මුණ ගැසෙන පුද්ගලයා අද ගැලපෙන්නෙත් නැහැ හෙටත් නැහැ ජීවිතය අවසන් වනතුරු ගැලපෙන්නෙත් නැහැ. ඔබ මොහොතකට හිතල බැලුවාද මොකක්ද ඒකට හේතුව කියලා? මොකක්ද ආදරයේදී ඇතැමුන් සාර්ථක වෙන්නත් තවත් සමහරු අසාර්ථක වෙන්නත් හේතුව?මොකද "වෙනස් නොවන පෞරුශත්ව ලක්ශණ” කියන සංකල්පය හඳුන්වා දෙන්න පුලුවන්. මින් අදහස් කරන්නේ මිනිස් සිතිවිලි ක්‍රියා කරන ආකාරය පිලිබඳවයි. ස...

උපුටා ගන්නා ලදි

Image
මිනිස්සු ගොඩක් උන් ජීවත් වෙන්නේ වෙස්මූණු දාගෙන..උන්ගේ වෙස්මූණ අස්සේ ඉන්න තිරිසනා හැබැයි කොයිවෙලාවක හරි එළියට එනවා..ඕන් ඔය වගේ වෙස් මූණ දාගත්තු පෙම්වතෙක් උඹටත් ලැබිලා ඇති..උන් ඉන්නවා මුලින් තව්තිසා දිවියලෝකේ ඉන්න කුමාරයෙක් වගේ..උඹට හිතෙන්නෙ හොදම කොල්ලා උඹට ලැබුණා කියලා..ෆේස්බුක් එකේ රිලේශන්සිප් දාලා ගෙවල් වලට කියලා ..ගමේ උන් දැනගෙන ඌ එක්ක ගෙවල් වලට හොරා වටයක් දෙකක් ගිහින් ඇද උඩටත් නැග්ගට පස්සේ තමා මිනිහගේ අර වෙස්මූණ ගලවලා තිරිසනාගේ තත්වය එළියට දාන්න ගන්නේ.. මූ මට හරියන්නේ නැහැ කියලා තේරෙනකොට උගේ අතින් වෙන්න ඕන සේරම වෙලා ඉවරයි ..උගේ ගැලරිය පිරෙන්න උබේ ෆොටෝ ..සමහර විට ඌ කුඩුකාරයෙක් ..පොඩි දේටත් බැල්ලියෙකුට වගේ බනින මානසික ලෙඩෙක්..උබට ලැට් එකට ගියත් නොකියා " ප$%& වේ$%& තෝ හොර මිනිහෙක් එක්ක බුදියෙන්න ගියා..නේද?" " තෝ කවුද අර අයියා කිය කියා කතා කරන්නේ තෝ ඌ එක්කත් බුදියනව නේද?" " නටන්න එපා තොගේ හැමදේම මං ගාව තියෙනවා පාරේ බැහැල යන්න කරනවා දැනගනින් බැල්ලිට".. ඕන් ඔය වගේ තමන්ගේ අම්මා තාත්තාගෙන් වත් බැනුම් ඇහුවේ නැති සක්කිලිම සක්කිලි විදියට කොහෙවත් ...

තනි තරුව 🌟

Image
වෙන්න ඕනේ තරුවක් අකාස ගංගාවෙන් එහා පෑයූ තරු රටාවන්ගෙන් වෙන්වූ තනිව පමණක් දිලිහෙන ඔනේ නෑ මිහිපිට වසන්තට කෙනෙක් නෑ හමුවුනු හිත මනා ආසයි හිත එක්ක ම තනි ඉරබට තරුවක වී සිටින්න ✍️ ධනා බංඩාර

තාත්තා

Image
සෙනෙහෙ කදක් රැදි හද තුළ ඉඩක් විය මා මට ම හිමිය වගකිව මව්පිය සොයුරු හැම දන එහා ගිය අදර බස් මුකුලිත වීය සෙනෙහේ දල්වා ළය තුළ නොදල්වා මුව තුළ කරනු කැප නම් නොදුටි කවර පිය නම් සැර වදන පරදා නැගුණු ළෙන්ගතු ආසයි විදින්න හිමි එකම සෙනෙහේ දනිමි දිවි වෙනු මා පමණක් පතමි දිවි දිග් යුග සැරද සෙනෙහේ ඉවසුම් වෙතින් දුක් විද තබා ළය ආදර බැති පිරුණු හදවත ණයයි මා පිය එක ලෙසිම් මව් පිය රැක්ක ළය නොනිමි ළය දාරක ගී සෙනෙහියි හිඩැස් නොතිබි හිත තුළ නුබයි ලොව හිමි එකම විමන් සෙනෙහේ ✍️ ධනා බන්ඩාර 

සොබාදම කියා දෙයි

යන්නේ කොහෙද කියලා මෙලෝ හැඟීමක් නැතුව හැල්මේ දුවපු ලෝකය කවුදෝ කෙනෙක් බෙල්ලෙන් අල්ලලා නවත්තලා. පොඩි හුස්මක් අරං යන්නේ කොහෙද, දුවන්නේ මොකටද කියලා හිතන්න විරාමයක් දීලා. ජීවිතය පිලිබඳ භීතියක් දැනුනට පස්සෙත් සුපර් මාකට් සූරමින් තියෙන එකා බැලුවේ තමන් ගේ ස්ටෝර්ස් පුරවා ගන්න. අනෙකාට වඩා එක දවසක් වැඩිපුර ජීවත් වෙන්න. පුළුවන් තරම් කාලයක් හැමෝම එක්ක ජීවිතය බෙදා හදාගන එකට ජීවත් වෙලා එකට මැරෙන එකට වඩා අනෙකාට වඩා එක දවසක් වැඩියෙන් ඉඳලා තනියම මැරෙන එක සතුටක් කියලා හිතන්න පුරුදු වුන දවසේ ඉඳලා මිනිසුන් කලේ රේස් දුවන එක. සතුට කියලා ලුහුබැන්දේ මායාවක්. දේශ සීමාවකට, ජාතියකට, ආගමකට, භාෂාවකට එක එකා මරාගනිමින් දිනා ගත්ත දෙයක් නැති බව මේ කොරෝනාව මිනිසුනට පසක් කරදුන්නා. මුළු ලෝකයම එක පාර දනගස්වලා දැන්වත් හැදියල්ලා කියලා වේවැල වනමින් තරවටු කරනවා. තව සතියක් දෙකක් මෙහෙම වහලා හරි ඒ පාඩම පසක් කරගන්න විරාමයක් හදලා දෙන එක හොඳයි. අළුත් ගමනක් අලුත් ජවයකින් අරඹන්න** සොබාදම පරතෙර කොට ගත් මිනිස් කල්ලියට වූ විපත දෙවන ලෝක යුද්ධය ඉක්මවූ බැවු නොරහසකි.සාම්ප්‍රදායික බැව් අතික්‍රමණය කොට ගත් ජන ගග වෙත් ස්වබාවධර්මයා පාඩම් ගෙන ...

දෙවිදු අයියනායක අඩ්වි

Image
✍️ written by  Dhananji Alokabandara

පොත් ගොන්නක නොමියෙන මතක

Image
මේ අත්දැකීම වූ කලී මා මුලින්ම පොත් ප්‍රදර්ශනය නැරැඹීමට ගිය දිනය වීම නිසා අතිශය සුවිශේෂ වූ දිනයකි. මනසේ ඇදි සිතුවිලි චිත්ත රූප අතරේ ප්‍රදර්ශනය වෙත පිවිසි මා හට මාගේ සිතේ ඇදුණු චිත්ත රූප වලට ඉදුරාම වෙනස් බවක් හිතට දැනෙන්නට විය.      ඒ ජන ගගක් සමග පොත් ගගක් කීවාත් වැරදි නැත.බැලු බැලු තැන පොත්මය.නව කතා කෙටි කතා කතාන්දර සියලුම විෂය සමගාමී පොත පත එකී මෙකී නොකී පොත්  📚 අතුරින් කුමන පොත නම් තෝරාගන්නදැයි සිත්විල්ලේ මා අතරමං වීමි.මගේ මිතුරියෝ ද පොත් බලමින් පොත් විමානය තුළ විසිරී ගොස්ය. මාත් පොත් කුටි අතර ඒ මේ ඇවිදිමින් සියලු කුටි වෙතම පා තැබීමට සිතා වුනිමි.         එදින වෙත සිත මොහොතකට තල්ලු කරොත් ඉතා තදින් වර්ෂාපතනය සහිත වූත කාලගුණික තත්ත්වයක් තුල පැවතිය ද එය මොහොතකට හෝ බාධාවක් පීඩාවක් කර නොගත් ජන ගග සත්තකින්ම පොත් ලෝලීන්මය. සත්තකටම පොත් වලට ආදර ගෞරව කරන්නෝමය.පොතක වටිනාකම එවන් අත්දැකීමක අගය සැබවින්ම වටහා ගත්තෝ ඔවුන්මය.නැති නම් වැසි මැද ඇකයෙන් වඩන දරුවන් රැගෙන කුඩා දරුවන් පෙරටු කරගෙන එන්නට කවර කාරණාද.      වයස් බේදයක් නොමැති ව බා...

කිමද නින්දා

Image
වරද නම් කිම මා කලා යැයි කියන තරම ආදරය නම් කිම මා නොදන්නම     තරම වින්දා අපමණක් රුදුරු ගැහැටක    තරම හින්දා සෙනෙහස නම් වු මායවක    තරම උන්නත් එක්ව තේමා කොට ආදරය ඇසුවා මතකය ආදර වදනක් බොහොම ඉස්සර නොදැනුනා යැයි කීවොත් මුසාවක් ආදරය හිමි දනන් දැක දුකක් හිමි පරතෙර නැවත දැනුණෙමි ඊර්ෂ්‍යා ,හැම අතින්ම සෙනෙහෙ පැහැ හිමි මගේ මිතුරන් අතෙර මව්ත් සෙනෙහේ පියාත් ඔවුනොවුන් හිමි ජීවය සොහොයුරුත් නිතැතින්  අදරෙ සදාදර නෑයෝත් නොලද බැව් හිතුමුත්  සරණක් අහිමි අසරණ හිත් නොරිදුම් නිතොර මේ තරම් රුදරු බැව් ලබන්නට තැනුනේ කෙසේ හදවත් ආදරය අවැසි තැන ඉවසුවා නොවෙද මදකුදු මා හිත් එවකට කන වැකුනා මැසෙන්ජරයට අය එක් වූ වගත් දුකට දුක අහිමිව දැනුණා දුකක් නොයලි යලි යලිත් දිනක් ඇමතුනා ඔබෙ මැසෙන්ජරය මා සොරායැයි ඇයිද නොසන්සුන් එහි කවුදෝ ඔබට ලෙන්ගතු සිතුනා සැකයක් නිසැකවම නොඅනුමන් එය ඇත්තක් නොසිතුවෙමි තව තවත් ඇයි දැයි මෙවන් දුක් නොකියමි නුගුණම, යුතු නෑ කෙදිනකදු දුට්මි විටෙක සැම දනා පරදන මනුසත් ගුණම උතුරන්ට නමුදු මා ප්‍රිය රුදුරු බැව් ජය සැම යහ පරද හින්දා වඩන්නට...

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.

මේ වන විට රටවල් 201 ක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී.කොවිඩ් 19 ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප්‍රදේශය වූත් මේ වන විට මුලු ලොවක් හබා යන්නට කොරෝනාව බලවත් වී ඇත. ඒ අතරින් සිරි ලංකාව මේ ව්‍යසනයට ගොදුරු වන්නේ සිතන්නට වත් නොහැකි වූ පසුබිමකයි.දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 148ක් මරණ 02ක් වාර්තා වන්නට ශ්‍රීලංකා ධරණි තලය අවාසනාවන්ත වූවා නොවේද ? ඔබට මට නොදැනෙන්නට නොහැගෙන්නට ඉඩ තිබූද කොවිඩ් 19 වූ කලී ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය.ජාතියක් ලෙස ඉදිරියට මුහුණ දීමට නම් මෙම අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඒ සදහා මා මෙන්ම ඔබත් පුරවැසියන් ලෙස වගකීමක් උර මත පැටවී හමාරය.එය ඉටුකිරීම යුතුකමකි.සමාජ දුරස්ථ භාවය පිලිවෙත් කර ගනිමින් , දෑත් සේදීමෙන්, මුක ආවරණ බාවිතා කරමින් , අඩියක් පරතරය තබමින් , සාද නොපවත්වමින් , සංචරණයට විරාමයක් තබන්නේ නම් රටක් ලෙස ජාතියක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේය. චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙම කොවිඩ් 19 මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල කල හැකි අයුරින් කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සදහා රටක් ලෙස එක්ව ක්‍රියා කල යුතු මනාය.මෙම කාලය තුළ දින කිහිපයක් ඇදිරි නීතිය...

හිතක්

Image
හිතක් කඩන්න එක තත්පරයකුත් ඇති, ඒත් හිතක් හදන්න සමහර වෙලාවට ජීවිත කාලයකුත් මදි වෙන්න පුළුවන්", මමත් කරන්නෙ හිතක් හදන්න පුංචි උත්සහයක් ඔබ ආදරය පුද දෙන්නේ ඔබට යම් කෙනෙකු කෙරෙහි විශ්වාසයක් ඇතිවූ විටයි, කොහේ හෝ කියවූවා මතකයි ඔබ විශ්වාස කල යුත්තේ මේ දේවල් ඔබ තුල දකිනා පුද්ගලයෙක් බව ඒ නම් 🔴 ඔබේ සිනහව පසුපස සැඟවුන වේදනාව 🔴ඔබේ කේන්තිය පසුපස සැඟවුන ආදරය 🔴ඔබේ නිහඬබව පසුපස සැඟවුන හේතුව යන කාරණාවන්‍ ය.. මේ කාරණාවන් සියල්ලම කෙනෙකුට ඔබ දෙස මතු පිටින් බලා අවබෝධ කරගත නොහැකියි, එය ඔබ අභ්‍යන්තරයෙන් කිනම් ආකාරයේ පුද්ගලයෙකුදැයි ගවේෂණය කල අයෙක් පමණක් සොයාගන්නා කරණාවන් ය. අද වැනි කාලයක මූණිච්චාවට හෝ අවස්ථාවාදීව ආදරය කරන අය බහුල බැවින් කෙනෙක් දුටු විගස ආදරය ප්‍රකාශ කිරීමට හදිසි නොවිය යුත්තේ ඒ නිසාය, දුටු විගස ඇතිවන්නේ ආදරය නොව ආකර්ෂණය නිසාය. නමුත් අද බොහෝ අය ආධ්‍යාත්මිකව තමාගේ ආදරය හිමි පුද්ගලයා සොයාගන්නවාට වඩා මූලිකවම අවධානය යොමන්නේ පෙනුම, වත්කම, සමාජ තත්ත්වය වැනිදේටයි ඉතින් අවසන ඔවුන් ඒ භාහිර අවශ්‍යතා සියල්ල සපිරුණු කෙනෙක් සමඟ විවාහා වූ පසුව අර පෙරකී අභ්‍යාන්තරික කරුණු සියල්ලම ඒ පුද්ගලයාගෙන් බලාපොරො...

අම්මා

Image
"කළුපාට යනු කළුවරට දෙන තවත් එක් සමාන පදයක්ද යැයි මම නොදනිමි..නමුදු මා මතක අහුලන සමයේ සිට අඳුනන කළුවර කළු පාටය...කවුළුවෙන් පිටත වැසිද , බොහෝ වෙහෙසීමෙන් පසු අහස හෙලන අනෝරා හුස්මද කවුළුවෙන් පිටත කළබවමින් කවුළුවට වහාම ඉහළින් අතික්‍රමණය  කරමින් සිටියි... අකුණු දිළිසුම් සහිත එළියක්ව පැමිණ වහා පිටව ගිය පසුව අහස උගුර පාදන ඒ හඬ ඇසෙයි..ඒ හඬ සමඟ අත්වැල් ගායනය ජනෙල් වීදුරුය..මම ගොරවනවාට බිය නැත්තෙමි..මම බිය වූ දේ සිද කවුරුදැයි කවුරුන් හෝ ඇසුවහොත් මම  ගොළු වෙමි.. .අම්මා යනු අම්මාය...අම්මාට වෙන ආදේශක නැතේය..මව් කිරි වෙනුවට එළ කිරි දුන්නාට මව වෙනුවට වැස්සියෙක් ගත නොහැක්කේය...එය මහා පුදුම සහගතය...එමෙන්ම ගුප්තමය උණුසුමක්ය!! අම්මා මේ හැමතැනම තැවරිලා සිටී දැයි මට සැකය...අතුගාන විට පවා අම්මා කෙස් රොදක්ව හෝ කොස්සේ විත් ඇලේවි යැයි හිත කියයි...අම්මා දැන් මොනවා කරනවා ඇද්ද, වෙලාවට කාලාද යැයි පවා මම නොදනිමි..අම්මා ඉඳහිට මදුරුවෙක් මැරුවාට දිව්‍ය ලෝකයට ගිය බව සිතන්නට කැමැත්තෙමි.. හැමදේම අතහැර, දිරාපත්ව සැනසීම සොයා ගොස් මේ පස්වසර හමාරය. මම නුඹ වෙනුවෙන් අඬන්නට බියවෙමි...නුඹ මම අඬනවාට මට වඩා බියය..මම...