සොබාදම කියා දෙයි



යන්නේ කොහෙද කියලා මෙලෝ හැඟීමක් නැතුව හැල්මේ දුවපු ලෝකය කවුදෝ කෙනෙක් බෙල්ලෙන් අල්ලලා නවත්තලා. පොඩි හුස්මක් අරං යන්නේ කොහෙද, දුවන්නේ මොකටද කියලා හිතන්න විරාමයක් දීලා. ජීවිතය පිලිබඳ භීතියක් දැනුනට පස්සෙත් සුපර් මාකට් සූරමින් තියෙන එකා බැලුවේ තමන් ගේ ස්ටෝර්ස් පුරවා ගන්න. අනෙකාට වඩා එක දවසක් වැඩිපුර ජීවත් වෙන්න. පුළුවන් තරම් කාලයක් හැමෝම එක්ක ජීවිතය බෙදා හදාගන එකට ජීවත් වෙලා එකට මැරෙන එකට වඩා අනෙකාට වඩා එක දවසක් වැඩියෙන් ඉඳලා තනියම මැරෙන එක සතුටක් කියලා හිතන්න පුරුදු වුන දවසේ ඉඳලා මිනිසුන් කලේ රේස් දුවන එක. සතුට කියලා ලුහුබැන්දේ මායාවක්. දේශ සීමාවකට, ජාතියකට, ආගමකට, භාෂාවකට එක එකා මරාගනිමින් දිනා ගත්ත දෙයක් නැති බව මේ කොරෝනාව මිනිසුනට පසක් කරදුන්නා. මුළු ලෝකයම එක පාර දනගස්වලා දැන්වත් හැදියල්ලා කියලා වේවැල වනමින් තරවටු කරනවා. තව සතියක් දෙකක් මෙහෙම වහලා හරි ඒ පාඩම පසක් කරගන්න විරාමයක් හදලා දෙන එක හොඳයි. අළුත් ගමනක් අලුත් ජවයකින් අරඹන්න**

සොබාදම
පරතෙර කොට ගත් මිනිස් කල්ලියට වූ විපත දෙවන ලෝක යුද්ධය ඉක්මවූ බැවු නොරහසකි.සාම්ප්‍රදායික බැව් අතික්‍රමණය කොට ගත් ජන ගග වෙත් ස්වබාවධර්මයා පාඩම් ගෙන හැර අවසානය.වීමට නියමිත දේ වූවා විය හැක.චිකනාගෙන් සොසේජස් කරලෙන් කොස් පොලොස් දෙල් ගෙඩියටත්.,ඊ.ජී.බී කොක් නැතුව කෑම උගුරෙන් නොබැස් යුගයක් කොත්තමල්ලි ඉගුරු පානයට කෙසේ නම් හසුවුනිද.මා මිතුර .පරතෙක් නොදුටු මගක ලහි ලහියේ හැල්මේ දිව් දන හුස්ම ටික පරිස්සම් කරලන්නට පරිස්සම් වෙන අපූරුව.සොබාදම හඹා යන්නට දැරූ යත්ත මුනින් අතට කැරවුණු බැව් සියල් දන දැන හමාරය.කෙසේ වෙත් කොරෝනා වසංගතය අවුරුදු වසන්තයත් උදුරා අමතක නොවු පාඩමක් ලොවට කියා අවසානයි.

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.