අහසේ සයුර බැදුණු සෙනෙහේ

තේජසේ සයුරු රළ හඹා
සයුරේ බිදිති ගත පිනා
සිහිලේ සිහිල් මන දොවා
සුසිනිදේ වැල්ල ජල දෝරා

පිවිතුරේ පසළොස් සදු දිහා
දිදුලේ රශ්මි හිරු වටා
නිසලේ අමාවකයි අහස් නිවා
බැබලේ දිලුම් තරු බලා

අහසේ සයුර බැදුණු සෙනෙහේ
පින්නේ ජලය එක්ව සෙනෙහේ
වැස්සේ වැල්ල පැතූ සෙනෙහේ
අමාවකේ පසළොස්ට නොහිමි සෙනෙහේ

තරුකැට සයුරේ දිදුලාදෝ
සද හිරු සයුරේ පායාදෝ
හිම වැසි සයුරේ හැදුනාදෝ
වළාරිදීරේඛා සයුරේ හඩලාදෝ

රළ අහසේ වළාසේ නැගේදෝ
වැලි මාලිගා අහසේ සාදාදෝ
සයුර අහසේ නිසල වේදෝ
සයුර නොවෙද අහසේ ප්‍රභා
අහස නොවෙද සයුරෙ ප්‍රභා


✍️ ධනා



ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.