තාරුණ්‍යයට ඇවැසි විවාහය
අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනය තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද.
විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. සමහර අයට ඔවුන්ගේ ජීවිතේ ඉතිරි අඩ ගෙනියන්න ගැලපෙනම සහකරු ලැබෙනව. එහෙම ගැලපෙනම කෙනා ලැබුනොත් ඒ විවාහය ඉතාම සාර්ථක විවාහයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ අතරෙ තවත් සමහරුන්ට මුණ ගැසෙන පුද්ගලයා අද ගැලපෙන්නෙත් නැහැ හෙටත් නැහැ ජීවිතය අවසන් වනතුරු ගැලපෙන්නෙත් නැහැ. ඔබ මොහොතකට හිතල බැලුවාද මොකක්ද ඒකට හේතුව කියලා? මොකක්ද ආදරයේදී ඇතැමුන් සාර්ථක වෙන්නත් තවත් සමහරු අසාර්ථක වෙන්නත් හේතුව?මොකද "වෙනස් නොවන පෞරුශත්ව ලක්ශණ” කියන සංකල්පය හඳුන්වා දෙන්න පුලුවන්. මින් අදහස් කරන්නේ මිනිස් සිතිවිලි ක්‍රියා කරන ආකාරය පිලිබඳවයි. සරලව කිව්වොත් මින් පැහැදිලි කරන්නේ යම් පුද්ගලයෙක් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ පලමු දශක දෙකක කාලය තුල දී තමන් තුල දියුණු කරගන්නා එහෙමත් නැත්තම් ඇති කරගන්නා චරිත ලක්ශන මුලු ජීවිත කාලය පුරාවටම වෙනස් නොවී පවතින බවයි. බොහෝ විට යම් පුද්ගලයෙක් කවරාකාරයේ තැනැත්තෙකුද යන වග තීරණය වන්නේ මේ මුල් දශක දෙකක කාලය තුල ඔහු ජීවත් වන ආකාරයෙනි.බැදීම පලුදු නොවෙන්නට නම් ඉවසීම කියන දේ පොදු කරුණක්.
ඔබ කවරාකාරයේ පුද්ගලයෙකුද යන වග තීරණය වන්නේ ඔබ වැඩිහිටියෙකු බවට පත් වන විටමයි. ඉන් අනතුරුව ඔබව වෙනස් කරගන්න ඔබට අවශ්‍ය වුවද එයට ඇති හැකියාව සීමිත බව ඒ මහතා පෙන්වා දෙනවා. මින් ගත හැකි පාඩම මෙයයි. ඔබේ ජීවිතේ දී ඔබට මුණගැහෙන පුද්ගලයන් ඒ අවස්තාවේ කවර ආකාරයේද? ඔවුන් මුලු ජීවිත කාලය පුරාවටම ඒ ලෙස සිටීවි. උදාහරණයක් ලෙස ඔබේ පෙම්වතා දැන් කිසිදු වගකීමක් නැති සැහැල්ලු පැවතුම් ඇති අයෙකු නම් ඔහු ජීවිතේ ඉතිරි අඩ ද ඒ ලෙසම සිටීවි. විවාහයෙන් පසු ඔහු වෙනස් වේ යයි ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඊට ඇති හැකියාව ඉතා සීමිතය. කටුක සත්‍යය නම් ඔහුට අවශ්‍ය වුවත් වෙනස් වන්නට මනස විසින් ඊට ඉඩ නොදීමයි. මේ නොසැලකිලිමත් කම වසර ගණනාවක් පුරාවට ඔහුගේ මනස තුල තැන්පත් වී ඉන් මිදීමට විශාල මානසික ශක්තියක් අවශ්‍ය වීමයි. අපේ මනස නිතරම තෝරාගන්න උත්සහ කරන්නේ පහසු මාර්ගය විනා රලු කටුක මාර්ගය නොවන බැවින් ඉහත කී ලෙස ඔබට අවශ්‍ය ආකාරය ට වෙනස් වීමේ සම්භාවිතාව ඉතාම අවම ය.
යම් කෙනෙකුට පුලුවන් ඔබට මෙහෙම කියන්න. “මම ඉස්සර හිටි කෙනා නෙවේ.. මම දැන් වෙනස්” . විශ්වාස කිරීමට පෙර දහස් වරක් හිතන්න. අන්තිමේදී ඔවුන් ඔවුන්ම මිසක් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ වෙනසක් ඔවුන්ගෙන් දැකිය නොහැකි වේවි. එබැවින් පසු කලෙක පසුතැවිලි වීමට සිදුවන තීරණ නොගන්න.
ආදරය සහ විවාහය යන මාතෘකාව ට එලඹෙන විට එහි සැලකිය යුතු කරුණු රාශියක් ඇත. ඔබ ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයාගේ හැසිරීම් රටා ඔහුගේ/ඇයගේ ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු කල යුතුයි. පුද්ගලයෙකු පවසන වචන වලට වඩා ඔහුගේ ක්‍රියා ඔහු ඇත්තටම කවුද කවරාකාරයේ පුද්ගලයකුද යන වග ඔබට හඳුන්වා දේවි. “සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” යන ගී පැදි පෙල ඔබ අසා ඇති. සත්‍ය ය එයමයි. එබැවින් ඔබේ හදවත ඔබේ අනාගතය ඔබේ සතුට අවධානමක ට ගෙනියන්නට පෙර ඔබ පුද්ගලයා නිවැරදි ලෙස හඳුනාගෙන සිටිය යුතුය.
ආදරය සහ විවාහය සම්බන්ධයෙන් බොහෝ අයට ඇති ගැටලුව තමයි සාර්ථක විවාහ ජීවිතයක රහස කුමක්ද යන්න. පිලිතුර ඉතා සරල ය. නිවැරදි පුද්ගලයා සමග විවාහ වන්න. ගැලපෙන සහකරු තෝරාගන්න. පිටින් බැලූ කල මහා මෝඩ පිලිතුරක් ලෙස හැඟිය හැකියි. නමුත් සත්‍ය එය නෙවේ. ඔබ ආදරය කරන කෙනාගේ හැසිරීම් වලට ඔබේ අවධානය යොමු කරන්න. ඒවා ඔබට දැනෙන්නේ කොහොමද යන්න සිතා බලන්න. හිතන්න ඔබ කෙනෙකුට ආදරය කරනවා. ඔහු මේ ලෝකයේ ඇති ඉතාම නිවැරදි දේවල් ඔබට පවසනවා ඇති. නමුත් ඔබට වැටහෙනවා ඔහු කරන්නේ ඔහු පවසන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දේවල් වග. සරල උදාහරණයක් බලමු. ඔහු ඔබට පවසනවා ඔහු ඔබට ඉතාම ගරු කරන බව. නමුත් ඔබත් සමග අවන්හලකට යන විට ඔබ වෙනුවෙන් දොර විවර කර දෙන්න ආසනය මෑත් කර දෙන්න ඔහු උනන්දු වන්නේ නැහැ. ඔබ ඒවා තනියම කරගත යුතුයි නම් ඔහු පැවසූ ගරු කිරීම කොහිද? මේවා ඉතාම සුලු දේවල් ලෙස ඔබට හැඟිය හැකියි. ගනන් ගත යුතු නැති බව සිතිය හැකියි. නමුත් පුන්චි පැල තමයි දිනෙක මහා යෝධ වෘක්ෂයක් බවට පත් වන්නේ. නියපොත්තෙන් කැඩිය යුතු දෑ පොරවෙන් කැපිය යුතු මට්ටම තෙක් නොසිටිය යුතු බව ඔබ අසා ඇති. හිතන්න ඔබ දෙදෙනා අතර සහයෝගී සම්බන්ධයක් තිබිය යුතු බව පවසන ඔහු සෑම තීරණයක්ම ගන්නේ තනිව නම් අන්න එවිට ඔබට අදහසක් ලැබේවි. නමුත් ගැටලුව නම් ඔබ මේ දකින ඇත්ත තේරුම් ගැනීමට අසමත් නම් අනාගතයේදී වෙනසක් බලාපොරොත්තු ව ඔබ විවාහයට ඇතුලත් වනවා නම් ඒ ඔබ ඔබවම විනාශය කරා රැගෙන යාමකි. ආදරය කල තැනැත්තා නොව විවාහ වූ තැනැත්තා වෙනස් අයෙකු වග ඔබට වැටහෙන්නේ මෙවැනි අවස්තා වලය. සත්‍යය නම් ආදරය කල කාලයේ ඇත්ත තේරුම් ගැනීම ඔබ විසින්ම පැහැර හැරීම මිස පුද්ගලයා වෙනස් වීම නොවේ. “මෙහෙම කෙනෙක් කියල දැනගෙන හිටියා නම් මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ” යනුවෙන් පවසන අවස්ථා අප කොතෙකුත් අසා ඇති. එවන් නිදහසට කරුණු පැවසීම තමාව නිදොස් කරගැනීම ට එවන් වදන් නොපවසා අදම පුද්ගලයා හොඳින් තේරුම් ගෙන කල් යල් බලා යහපත් තීරණ ගැනීම සුදුසුය.
ඔබේ විවාහයේ පදනම ශක්තිමත් වන තාක් කල් එය සාර්ථක විවාහයක් වේවි. විවාහය සරල වන තරමට එය සාර්ථක වේවි. ඔබේ විවාහය බොරුවක් මත පදනම් වූවක් නම් එය අසාර්ථක වනවාට කිසිදු සැකයක් නැහැ. ආදරය අන්ධ බව සැබෑවකි. නමුත් ඔබ බුද්ධියෙන් සිතා බලන්න. ඔබේ ජීවිතය ඔබේය. ඔබට ඇත්තේ එක් ජීවිතයකි. එබැවින් එයට හොඳම දේ ලැබිය යුතුය. වරක් වැරදුනු විට එය නිවැරදි කරගත හැකි බව සත්‍යක් නමුත් සිදුවූ වරද අකා මකා දැමිය නොහැක. වරද නිවැරදි කරගන්නවාට වඩා වරද සිදු නොවීමට ඉඩ නොදීම වඩාත් යහපත් ය. හැකි තාක් තේරුම් ගෙන ශක්තිමත් බැදීමක් ගොඩ නගා ගන්නේ නම් විවාහය තුළින් සැමදා සතුටු විය හැක.

Comments
Post a Comment