අම්මා
"කළුපාට යනු කළුවරට දෙන තවත් එක් සමාන පදයක්ද යැයි මම නොදනිමි..නමුදු මා මතක අහුලන සමයේ සිට අඳුනන කළුවර කළු පාටය...කවුළුවෙන් පිටත වැසිද , බොහෝ වෙහෙසීමෙන් පසු අහස හෙලන අනෝරා හුස්මද කවුළුවෙන් පිටත කළබවමින් කවුළුවට වහාම ඉහළින් අතික්‍රමණය කරමින් සිටියි...
අකුණු දිළිසුම් සහිත එළියක්ව පැමිණ වහා පිටව ගිය පසුව අහස උගුර පාදන ඒ හඬ ඇසෙයි..ඒ හඬ සමඟ අත්වැල් ගායනය ජනෙල් වීදුරුය..මම ගොරවනවාට බිය නැත්තෙමි..මම බිය වූ දේ සිද කවුරුදැයි කවුරුන් හෝ ඇසුවහොත් මම ගොළු වෙමි..
.අම්මා යනු අම්මාය...අම්මාට වෙන ආදේශක නැතේය..මව් කිරි වෙනුවට එළ කිරි දුන්නාට මව වෙනුවට වැස්සියෙක් ගත නොහැක්කේය...එය මහා පුදුම සහගතය...එමෙන්ම ගුප්තමය උණුසුමක්ය!!
අම්මා මේ හැමතැනම තැවරිලා සිටී දැයි මට සැකය...අතුගාන විට පවා අම්මා කෙස් රොදක්ව හෝ කොස්සේ විත් ඇලේවි යැයි හිත කියයි...අම්මා දැන් මොනවා කරනවා ඇද්ද, වෙලාවට කාලාද යැයි පවා මම නොදනිමි..අම්මා ඉඳහිට මදුරුවෙක් මැරුවාට දිව්‍ය ලෝකයට ගිය බව සිතන්නට කැමැත්තෙමි.. හැමදේම අතහැර, දිරාපත්ව සැනසීම සොයා ගොස් මේ පස්වසර හමාරය.
මම නුඹ වෙනුවෙන් අඬන්නට බියවෙමි...නුඹ මම අඬනවාට මට වඩා බියය..මම ඒ නිසාම ඇඬිය යුතු අවස්තාවල තදින් සිනහ සෙමි.."අම්මා අන්ත්‍රා වෙලා" යැයි දැන ගත් මොහොතේම මම ඇඬුම් නවතාගෙන හදවතින් පුපුරා ගියෙමි..ඒ පිපුරුමේ ගිනි දැල් සදාකාලිකව ඉතිරිය..මම දැවෙමින් සිනහ සෙමි..නුඹ නිසාවෙන් සිනහසෙමි..
අම්මේ!!මව් කුසේ සිටි සමය ගැන මට කිසිම මතකයක් නැති බව ඇත්තය..නමුත් කුස මත මැද්දා පෙදෙසට වන්නට නුඹ හා ඇතිකරගත් බැන්ධනයේ සඳාකාර කැළල සිත කොනිත්තමින් මව් කුස සිහි කරවයි...අම්මාගේ කිරෙන් බර පපු පෙදෙස අතර සිඟිත්තෙක් මෙන් සිටි අයුරු මට මවා ගත හැකිය..මම නුඹෙන් උපන්නෙමි...නුඹ මම නිසාවෙන් උපන්නෙමි..
මේ ඝන තිර රෙදි අතර නුඹ නැවත ඒවි යැයි මා සිහිනයන් කුරුටු ගා ඇත්තෙමි...අම්මා නැවත ආපසු යන්ට ඉඩ නොදෙන්නෙමි...අම්මා නැතිව මට පාලුය...මේ වැස්ස අවසන් වෙන්න ඉස්සර අම්මා ආවොතින් හොඳය!!

Ela
ReplyDeleteනියමයි..❤👌
ReplyDelete