තාත්තා

සෙනෙහෙ කදක් රැදි හද තුළ
ඉඩක් විය මා මට ම
හිමිය වගකිව මව්පිය සොයුරු හැම දන
එහා ගිය අදර බස් මුකුලිත වීය සෙනෙහේ

දල්වා ළය තුළ නොදල්වා මුව තුළ
කරනු කැප නම් නොදුටි කවර පිය නම්
සැර වදන පරදා නැගුණු ළෙන්ගතු
ආසයි විදින්න හිමි එකම සෙනෙහේ

දනිමි දිවි වෙනු මා පමණක්
පතමි දිවි දිග් යුග සැරද සෙනෙහේ
ඉවසුම් වෙතින් දුක් විද තබා ළය
ආදර බැති පිරුණු හදවත ණයයි මා පිය


එක ලෙසිම් මව් පිය රැක්ක ළය
නොනිමි ළය දාරක ගී
සෙනෙහියි හිඩැස් නොතිබි හිත තුළ
නුබයි ලොව හිමි එකම විමන් සෙනෙහේ


✍️ ධනා බන්ඩාර 

Comments

  1. ජීවිතය එලිය කරන තාත්තා.....
    හිතට දැනෙන්න ලියලා..
    All the best❤👌

    ReplyDelete
  2. ජීවිතය එලිය කරන තාත්තා.....
    හිතට දැනෙන්න ලියලා..
    All the best❤👌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.