Popular posts from this blog
කිමද නින්දා
වරද නම් කිම මා කලා යැයි කියන තරම ආදරය නම් කිම මා නොදන්නම තරම වින්දා අපමණක් රුදුරු ගැහැටක තරම හින්දා සෙනෙහස නම් වු මායවක තරම උන්නත් එක්ව තේමා කොට ආදරය ඇසුවා මතකය ආදර වදනක් බොහොම ඉස්සර නොදැනුනා යැයි කීවොත් මුසාවක් ආදරය හිමි දනන් දැක දුකක් හිමි පරතෙර නැවත දැනුණෙමි ඊර්ෂ්‍යා ,හැම අතින්ම සෙනෙහෙ පැහැ හිමි මගේ මිතුරන් අතෙර මව්ත් සෙනෙහේ පියාත් ඔවුනොවුන් හිමි ජීවය සොහොයුරුත් නිතැතින් අදරෙ සදාදර නෑයෝත් නොලද බැව් හිතුමුත් සරණක් අහිමි අසරණ හිත් නොරිදුම් නිතොර මේ තරම් රුදරු බැව් ලබන්නට තැනුනේ කෙසේ හදවත් ආදරය අවැසි තැන ඉවසුවා නොවෙද මදකුදු මා හිත් එවකට කන වැකුනා මැසෙන්ජරයට අය එක් වූ වගත් දුකට දුක අහිමිව දැනුණා දුකක් නොයලි යලි යලිත් දිනක් ඇමතුනා ඔබෙ මැසෙන්ජරය මා සොරායැයි ඇයිද නොසන්සුන් එහි කවුදෝ ඔබට ලෙන්ගතු සිතුනා සැකයක් නිසැකවම නොඅනුමන් එය ඇත්තක් නොසිතුවෙමි තව තවත් ඇයි දැයි මෙවන් දුක් නොකියමි නුගුණම, යුතු නෑ කෙදිනකදු දුට්මි විටෙක සැම දනා පරදන මනුසත් ගුණම උතුරන්ට නමුදු මා ප්‍රිය රුදුරු බැව් ජය සැම යහ පරද හින්දා වඩන්නට...
ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.
මේ වන විට රටවල් 201 ක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී.කොවිඩ් 19 ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප්‍රදේශය වූත් මේ වන විට මුලු ලොවක් හබා යන්නට කොරෝනාව බලවත් වී ඇත. ඒ අතරින් සිරි ලංකාව මේ ව්‍යසනයට ගොදුරු වන්නේ සිතන්නට වත් නොහැකි වූ පසුබිමකයි.දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 148ක් මරණ 02ක් වාර්තා වන්නට ශ්‍රීලංකා ධරණි තලය අවාසනාවන්ත වූවා නොවේද ? ඔබට මට නොදැනෙන්නට නොහැගෙන්නට ඉඩ තිබූද කොවිඩ් 19 වූ කලී ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය.ජාතියක් ලෙස ඉදිරියට මුහුණ දීමට නම් මෙම අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඒ සදහා මා මෙන්ම ඔබත් පුරවැසියන් ලෙස වගකීමක් උර මත පැටවී හමාරය.එය ඉටුකිරීම යුතුකමකි.සමාජ දුරස්ථ භාවය පිලිවෙත් කර ගනිමින් , දෑත් සේදීමෙන්, මුක ආවරණ බාවිතා කරමින් , අඩියක් පරතරය තබමින් , සාද නොපවත්වමින් , සංචරණයට විරාමයක් තබන්නේ නම් රටක් ලෙස ජාතියක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේය. චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙම කොවිඩ් 19 මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල කල හැකි අයුරින් කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සදහා රටක් ලෙස එක්ව ක්‍රියා කල යුතු මනාය.මෙම කාලය තුළ දින කිහිපයක් ඇදිරි නීතිය...
Comments
Post a Comment