පොත් ගොන්නක නොමියෙන මතක

මේ අත්දැකීම වූ කලී මා මුලින්ම පොත් ප්‍රදර්ශනය නැරැඹීමට ගිය දිනය වීම නිසා අතිශය සුවිශේෂ වූ දිනයකි. මනසේ ඇදි සිතුවිලි චිත්ත රූප අතරේ ප්‍රදර්ශනය වෙත පිවිසි මා හට මාගේ සිතේ ඇදුණු චිත්ත රූප වලට ඉදුරාම වෙනස් බවක් හිතට දැනෙන්නට විය.
     ඒ ජන ගගක් සමග පොත් ගගක් කීවාත් වැරදි නැත.බැලු බැලු තැන පොත්මය.නව කතා කෙටි කතා කතාන්දර සියලුම විෂය සමගාමී පොත පත එකී මෙකී නොකී පොත්  📚 අතුරින් කුමන පොත නම් තෝරාගන්නදැයි සිත්විල්ලේ මා අතරමං වීමි.මගේ මිතුරියෝ ද පොත් බලමින් පොත් විමානය තුළ විසිරී ගොස්ය. මාත් පොත් කුටි අතර ඒ මේ ඇවිදිමින් සියලු කුටි වෙතම පා තැබීමට සිතා වුනිමි.   
     එදින වෙත සිත මොහොතකට තල්ලු කරොත් ඉතා තදින් වර්ෂාපතනය සහිත වූත කාලගුණික තත්ත්වයක් තුල පැවතිය ද එය මොහොතකට හෝ බාධාවක් පීඩාවක් කර නොගත් ජන ගග සත්තකින්ම පොත් ලෝලීන්මය. සත්තකටම පොත් වලට ආදර ගෞරව කරන්නෝමය.පොතක වටිනාකම එවන් අත්දැකීමක අගය සැබවින්ම වටහා ගත්තෝ ඔවුන්මය.නැති නම් වැසි මැද ඇකයෙන් වඩන දරුවන් රැගෙන කුඩා දරුවන් පෙරටු කරගෙන එන්නට කවර කාරණාද.
     වයස් බේදයක් නොමැති ව බාල තරුණ මැදි තලතුනා මහලු  සියලු  නියොජනයන් සහිත මෙම අතදැකීම පසක් කරන්නේ ඉගෙන ගන්නට වත් පොත් කියවන්නට වත්  වයස බාධාවක් නොමැති ඒ අසහාය පණිවිඩය නොවේද ඔවුන් ඒ හඩ ගා කියන්නේ .
     දැනුම සාරධර්ම සහිතව ජීවිතය දිනන්නට නම්  පොත් 📚  දක්වන්නේ අසීමිත සත්කාරයකි.එය සමාජය  තුලට විනයවත්   සදාචාරාත්මක බවක් නොමදව දායක වේ.
ඒ අමිල මෙහෙවරෙහි අරටුව ලේකකයානන් ග්‍රන්ථ සම්පාදකයන්‍ වේ. එසේ නම් ඔවුන් සමාජයට කොපමණ සත්කාරයක් කරන්නේ නමුදු ඔවුන්ට හිමි විය යුතු පැසසුම නියමාකාරයෙන් ලැබෙන්වා ද නම් සැකයකි.එය රටක් ලෙස අප ලබන  දුර්වලතාවක් විය හැකිය.
    ගුණසේන අකුර වාසනා  සමුද්‍ර  සරසවි  ලෙසින් බොහෝ ප්‍රකාශකයෝ බොහෝ කුටි තුළ තම ප්‍රකාශන වට්ටම් ලබා දෙමින් ජනයාට එළි දක්වති. ජනතාව කියවිමට මෙන්ම පරිත්‍යාගය සදහා ද පොත් මිලදී ගනු ලබන්නේ ඉතා උනන්දුවෙනි අශාවකිනි.එමෙන්ම  අධ්‍යාපනය සදහා අවැසි ලිපි ද්‍රව්‍ය අඩු මිලකට තවත්  රිචඩ් ප්‍රොමේට් ඇට්ලස් යන ප්‍රකාශන  කුට් වලින් මිලදී දරුවන් වෙත ලබා දෙන්නේ ඉහල අධ්‍යාපනය ම අරමුණු කරමිනි.
     පොත් ප්‍රදර්ශනය වෙත පිවිසෙන කාටත්  🍜 නූඩ්ල්ස් කෝප්පයක රසය විද ගන්නට නම් අමතක නොකරන්නේ ය.මාත් එහි කොටස් කොටස් කරුවකු වූයේ ඉතා 😃 සතුටිනි.
    සත්තකටම පොත් ප්‍රදර්ශනයේ ඒ අත්දැකීම නම් මා හට අමතක නොවන මතක සමගින් දැනුම් සන්නද්ධ ලස්සන දිනයක් විය. 


✍️   එම්.ඒ.බී එමේශා ධනංජි ආලෝක බන්ඩාර... 
     

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.