විවාහය තවත් එක් වූ අදහසකින්
"උරුම කෙනාලු හම්බෙන්නේ " "සංසාරේ පතාගෙන ඇවිල්ලද කොහෙද" "මොනා කීවත් ගෙවන්න තියෙන කරුම ඕවා" " දැන් කරන්න දෙයක් නෑ දුක උහුලන් ඉන්නවා මිසක්"
අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනයක් තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද.
විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.තමාට ගැලපෙන සහකරු හෝ සහකාරිය ජීවිතයට ලැබුනොත් විවාහය සාර්ථක ලෙස මියයන තාක් එක්ව සතුටින් ජීවත් විය හැක.එසේ නොවන්නේ නම් ඉතා විසල් දුක් ප්‍රභවයක්ම ලැබෙනු ඇත.මන්ද තනි පුද්ගලයකු ඒ කියන්නේ දෙමාපිය සුවදේ වැඩෙන තරුණයා හෝ තරුණිය පියවරක් ඉදිරියට නික්මීම විවාහය තුල කෙසේ නම් ජීවිතය වෙනස් වන්නේද.විටෙක හරි අපූරු ගැලපෙනම සහකරු හමු වී ජීවිතය හරි ලස්සනට විදිනවා විය හැකියි.එය සැනසුම්දායක වන්නේ දෙදෙනාට පමණක් නොව දෙදෙන අයත් දෙමාපිය කුටුම්බයනුත් පිනා යන්නේය.දෙදෙන ආදරයේ ප්‍රතිමූර්තිය ලෙසින් කාලයා ඇවෑමෙන් දෑත් පත් කිරිකැටියාත් සතුටෙන්.එසේ නොවන්නට හිමි වන්නේ නොගැලපෙන සහකරු හෝ සහකාරිය නම් අවුරුදු විසි ඉලක්කමේ සිට මියෙන තුරාවට දුක් හැඩුම් නිරතුරුයි.පෙර කිව් දෙමාපිය සතුටින් පිනා යන්නා සේම මෙතැන්හි දී නම් සතුටට කණ කොකා හඩන්නී.දෙමාපිය සෝතැවුල් තියන්නීය.නොඅපමණය බිහිවුවොත් කිරිසප්පයෙක් නොකල වරදට දඩුවම හයක් හතරක් නොතේරෙන නොදරුවායි. නොයෙන්නේ නම් පිලිකුල් බැනුමෙන් ගුටි කෙලියෙන් පිහි අනුමෙන් මිනී මැරුමෙන් කෙළවර වන්නට ප්‍රේමය විවාහය දලුලනු ඇත.ඒ වගබලා ගැනීම දෙදෙන සතුයි.
ඒ අතරෙ තවත් සමහරුන්ට මුණ ගැසෙන පුද්ගලයා අද ගැලපෙන්නෙත් නැහැ හෙටත් නැහැ ජීවිතය අවසන් වනතුරු ගැලපෙන්නෙත් නැහැ. ඔබ මොහොතකට හිතල බැලුවාද මොකක්ද ඒකට හේතුව කියලා? මොකක්ද ආදරයේදී ඇතැමුන් සාර්ථක වෙන්නත් තවත් සමහරු අසාර්ථක වෙන්නත් හේතුව මොහොතකට සිතුවාද?
ගති ලක්ෂණ ඒ කියන්නේ පෞරුෂය ලක්ෂණ වෙනස් වේවිද නැතිද.පෙම් කරන විට එක් චරිතයකුත් විවාහ වූ විට තවත් චරිතයකුත් රග දක්වන සෙයක් වූ විටත් , බිරියක් සැමියෙක් ලෙසින් කළ යුතු වන්නා වූ යුතුකම වගකීම හරි හැටි ඉටු වන්නේ නම්, යම් පමණකින් ඉවසීමේ ගුණ
පිහිටුවිය හැකි නම් තත්ත්වය සැනසුම්දායක වනු ඇත.තවත් විටෙක විවාහයට පෙර පැවති ඒ කියන්නේ කොල්ල කාලේ කෙල්ල කාලේ නිදහසේ කරන්ට යෙදුණු දේවල් සමහරක් විට විවාහයෙන් පසු නොගැලපෙනවාට සැකයක් නැති බැව් සැබෑ වුවද එවැනි ගති පැවතුම් තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් එතැනත් ප්‍රශ්නාර්ථයකි.
ගිනිවතුරත් සිගැරැට්ටුවටත් තව තවත් පෙම්බදින්නේ නම් විවාහය තුල හැලහැප්පීම් නොමද බැව් කවුරුත් දන්නේමය.සියවස් ගණනකට එපිට බුදුන් වහන්සේ වදාළ සිගාලෝවාද සූත්‍ර යුතුකම් සේම අපරිහානීය ධර්මත් සහිත මුලුමහත් දහම තුල නිරතුරු රැදෙන්නේ නම් අන් සියලු කාරණා සේම විවාහයත් සාර්ථක වන්නේ නිසැකවමය.
පෙම් සම්බන්ධතාවකින් හෝ යෝජනාවකින් වේවා සිදුවන විවාහයට පෙර කාලයක් හදුනා ගත්තත් ඇසුරු කලත් නොකළත් විවාහය සිදුවුවායින් පසු සියල්ල වෙනස් විය හැක.ආදර සම්බන්ධයක් නොගැලපීම් හමුවේ නතර වුවත් විවාහයේ දී එය බැරෑරුම් සහිතයි.ඒ නිසාවෙන් විවාහය සිදු වීමට පෙර හැකිතාක් හදුනා විමසා තවදුරටත් සිතා තීරනයකට එළබීම වැදගත් බැව් සමාජය දෙස මදක් හැරී දෑස් යොමුකරෝතින් නොමදව පසක් වේවි.මන්ද උසාවිය පොලීසිය පතා වෙන්වෙන්නට කඩදාසියක් නඩත්තු ගිණුමක් නොඉල්ලන්ට එවිට කටයුත්ත විවර වෙයි.එසේත් නොවෙන්නේ නම් හැකි විලස තනිව ජීවත් වීම ඊටත් වඩා වටිනා බැව් මා අදහස පමණි.

Comments
Post a Comment