හිතක්
හිතක් කඩන්න එක තත්පරයකුත් ඇති, ඒත් හිතක් හදන්න සමහර වෙලාවට ජීවිත කාලයකුත් මදි වෙන්න පුළුවන්",
මමත් කරන්නෙ හිතක් හදන්න පුංචි උත්සහයක්
ඔබ ආදරය පුද දෙන්නේ ඔබට යම් කෙනෙකු කෙරෙහි විශ්වාසයක් ඇතිවූ විටයි, කොහේ හෝ කියවූවා මතකයි
ඔබ විශ්වාස කල යුත්තේ මේ දේවල් ඔබ තුල දකිනා පුද්ගලයෙක් බව
ඒ නම්
🔴 ඔබේ සිනහව පසුපස සැඟවුන වේදනාව
🔴ඔබේ කේන්තිය පසුපස සැඟවුන ආදරය
🔴ඔබේ නිහඬබව පසුපස සැඟවුන හේතුව
යන කාරණාවන් ය..
මේ කාරණාවන් සියල්ලම කෙනෙකුට ඔබ දෙස මතු පිටින් බලා අවබෝධ කරගත නොහැකියි, එය ඔබ අභ්‍යන්තරයෙන් කිනම් ආකාරයේ පුද්ගලයෙකුදැයි ගවේෂණය කල අයෙක් පමණක් සොයාගන්නා කරණාවන් ය. අද වැනි කාලයක මූණිච්චාවට හෝ අවස්ථාවාදීව ආදරය කරන අය බහුල බැවින් කෙනෙක් දුටු විගස ආදරය ප්‍රකාශ කිරීමට හදිසි නොවිය යුත්තේ ඒ නිසාය, දුටු විගස ඇතිවන්නේ ආදරය නොව ආකර්ෂණය නිසාය.
නමුත් අද බොහෝ අය ආධ්‍යාත්මිකව තමාගේ ආදරය හිමි පුද්ගලයා සොයාගන්නවාට වඩා මූලිකවම අවධානය යොමන්නේ
පෙනුම,
වත්කම,
සමාජ තත්ත්වය වැනිදේටයි
ඉතින් අවසන ඔවුන් ඒ භාහිර අවශ්‍යතා සියල්ල සපිරුණු කෙනෙක් සමඟ විවාහා වූ පසුව අර පෙරකී අභ්‍යාන්තරික කරුණු සියල්ලම ඒ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වේ, අවසානයේ විවාහා වී ඇත්තේ තමන්ට නොගැලපෙන කෙනෙක් සමඟින් යැයි හඬා වැළපී විස්සෝප වේ.
අනෙක් කරුණ නම්
"මම හොයන්නෙ හුඟාක් හොඳ කෙනෙක්"
යැයි සිතන ඔබටයි, සැබැවින්ම ඔබ සෙවිය යුත්තේ "හොඳ" පුද්ගලයෙකු නොව,ඔබ සෙවිය යුත්තේ (genuine) අව්‍යාජ පුද්ගලයෙකි, තමා හොඳ බව ඕනෑම කෙනෙකුට රඟදක්වා වුවද පෙන්විය හැක, නමුත් අව්‍යාජ පුද්ගලයා හැමවිටම ඔබට ඔවුන්ගේ හොඳට වඩා වැරදි,දුර්වලකම් ප්‍රථමයෙන්ම පවසා සිටීවි..ඔබ ඔහුගේ/ඇයගේ අව්‍යාජ බව විනිශ්චය නොකරන්නේ නම් කෙදිනකවත් මුසාවකින් ඔවුන් ඔබව නොපෙළණු ඇත.
අනෙක් කරුණ නම් පුද්ගලයෙකු තුල ඇති සංවේදී බවයි,
"අපෝ එයා පොඩ්ඩක් ඇත්නම් නහයෙන් අඬන්න ගන්නවා, මළ කරදරේ"
නමුත් ඔබ නොසිතන කරුණ නම් කෙනෙකු සංවේදී වන්නේ ඔවුන් තුල ඔබ කෙරෙහි ඇති ආදරය නිසා බවයි, යම් විටෙක ඔබෙන් වෙන යම් නොසැලකිලිමත් දෙයක් නිසා සිත රිදෙන්නේ ඔබට ඇති ආදරය නිසාමය, නමුත් සංවේදී මිනිසුන් දුර්වල අයයැයි කිසිවිටෙකත් වරදවා වටහා ගන්නට එපා, ඒ ඔවුන් තුල ඇති ශක්තිය ඔබ සිතනවාට වඩා ගැඹුරු වන්නට හැකි නිසාය..
මෙලොව කිසිවෙක් සියයට සියයක් අංග සම්පූර්ණ නැත, නමුත් සමහර විටෙක ඔබ සමහරෙක්ගේ පහසුව උදෙසා බුමුතුරුණක් වී මහ මග වැතිරුණද ඔවුන් ඔබ ව විවේචනය කරනු ඇත, ඔබ අන් අය සතුටු කිරීමට ආදරය නොකරන්න, විශේෂයෙන්ම ලෝකයා සතුටු කිරීමට විවාහ නොවන්න,භාහිර ව පමණක් කෙනෙක් දෙස බලා විවාහා වී පසුව ඔබට සිතු පැතූ ගතිගුණ ඔවුන් තුල නැතැයි ඔවුන්ට ඡෝදනා නොකරන්න.
ජීවිතය ඔබට ලැබී ඇත්තේ විඳීමටය,එය විඳවීමක් කරගැනීමට ඔබ විසින්ම මග පාදා නොගන්න..

Comments
Post a Comment