Posts

Showing posts from 2020

මා පුත කියමින

Image
------------------------------ බලන් හෙමිහිට මව්න් ඉදිකඩ උදේ දවාලක ඇරන් නෙත් යුග තාම මතකය අදක වගේමය හැරේ පුරුද්දට සිතා නුබ බලාන යාම පෙර පිටව දරා සිනහව මා පුත කියමින මග බලන් ඇති එයම සතුට විනිවිද තිබූ අතීතය කණ කොකෙක් සුසුම්ලන හඬ වැකෙයි සවනට දෙදරා යන්නට එන්නෙපා ගෙට කරුම ලෙඩකට පහන නිවිලා ගෙපැල හරියට සොහොන වාගෙම තිබුනා දවසක කිරි පුසුඹ මතක දවයි තද හිත එපා යන්නට දෙවැට පාරට කෝඩුකාරෙට බැන්ද මව්පෙම මව් සෙනේ ළඟ කීකරුයි අද අහිමි ගිය මුත් සසර අබියස හූල්ලන්නට එපා අම්මට එයා සදහට ගියා දෙව්ලොව පෙරින් කලකට කරුමෙ එළිපිට දුන්නා මටමය ඇයිද දෛවය මතක් වෙනකොට අඬෙයි මොහොතට කරපු පිං හෙම සිහි තියාගෙන එන භවේකට වෙන්න මගෙ මව් පැතුම එයමයි මේ භවය අතහැර හුඟක් කල් මං වෙන්න පැතුමන් හොඳම භවයක් නුබ සමඟම හනිකම.... ධනා 🖤

ඇයයි කාටත් ගිරිදේවි ....

Image
වෙලාගත් හිත පාරවන නමුදු වත මුකුලිතව රිදුම් දත කාට කාටත් ඇත ජීවිතේ දුක්බරයි ඉරිතැලුණ සියුම් සංතාප මුහුවුණ ජීවිත කතන්දර යහමින් රිදුණ පුදුමයි නම් හමුනොවුණ යුක්තියක් නැති තැනට යක්ෂවෙස් ගත්තට ආත්මය වහන්කරගත් පාපෙට අප්පෙක් අතුරුදන් විය කෙල්ලට තන කිරක රස නාදුනන ඇහේ තියාගෙන හදන ගුණයි කියකිය දංකුඩම කන සීතම්මලා සංසාරේ හමුවුන අකුරුත් නොරොක් වී අහක බැලුවාම ගමේ ඉස්කෝලෙත් පලා බෙදුවාම කම්බිවැට හූරගෙන රිදුන සුදුගවුම අඩන ඉකියක් අහන්නට දෙවිවරුම දුකම විඳලා ගත් සුසුමට ඇත අරුතක් හෝ කවදට එදවස තෙක් ඉවසන් ඉන්නට දුක් ගන්න රාළලා මොකට එක මොහොතට.....! ප්‍රේමයෙන් ආතුරවෙන්න අතින්අතනෑර ජීවිතේ දුරයන්න අහඹුවත් සැමරුමක් ඇතිකමක රැදුන අකුරු කවිවුණත් අවසනක් නොමදැන ජීවිතේ උහුලාවී ඉකිබිදුම් සඟවාවී යක්ෂවෙස් අරගෙන ඒවි ඇයයි කාටත් ගිරිදේවී.... ------------------------

ආදරේ කියන්නෙම හිමිවිම මත ඉපදෙන අහිමිවීමට අහිමිවීම මත ඉපදෙන හිමිවීමට....

Image
බැදීම් " මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ...ඒ බැදීම් වලට කල්ඉකුත්වෙන දවසක් අපි කාටවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ... මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගෙ උණුවෙන තැන් එනවා...දැනෙන පිරිමියෙක් ළඟ ජීවිතෙ විදින්න හීන දකිනවා...ඇරියස් වෙච්චි කතන්දර හිතින් වළදාලා ආයෙම ඉපදෙන්න හීන මවනවා.... ගෑණු හිත් එහෙමයි..... හැම ගැහැණියක් ඇතුළෙම යක්ෂණියක් ඉන්නවා...ඒ වගේම දේවතාවියෙකුත්... ඒක තීරණය වෙන්ඩ වටපිටාවත් සෑහෙන්ඩ බලපානවා... සදුන්ලා ආශලා පෙරුම්පුරන ලස්සන ජීවිත දිහා බලන්ඉන්න බැරි අමනුස්ස ආත්ම ඇති....හැමදේටම වැඩියෙන් ආදරේ සෑහෙන්න බලවත් කිවුවට අපිට තියෙන්නෙ බලාපොරොත්තු දල්වාගෙන බලාන ඉන්නෙක විතරක් වෙන්නත් පුළුවන්..විකල්පක් නැති මොහොතකදි.... ජීවිත මොනපිටට පෙරළුණත් දුකම වළදන ජීවිතවලට ආශිර්වාදයක් කොහෙන්ම හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද.... මෙතුවක් දවසක් හුරු පුරුදු චරිත අද අවසන සටහන් තබද්දි දැනෙන වචනවලට පෙරළන්න බැරි හැගීමක්... සීතම්මා ,සදුන්,ආශා,සදුන්ගෙ අම්මා,රූපිකා,වසන්ත මහත්තයා,චාන්දනි,සෝමේ, කුමාර මේ හැම චරිතයක්ම චරිතයක් පමණක්ම නෙවෙයි....නේක නේක හැඩයන් වලින් මේ සමාජෙම අපවටා ජීවත් වෙන...

මකා දැම්මා පින්සලෙන් ...

Image
හිමනම් මොටද සට සට ගා හැලෙන රැකුමට නොහැකිනම් මේ දිය මෙන් සබද හිරු දැක වියක ගියමුත් සොයලා දියබ බලා උන්නේ මියෙන තුරු හිරු දිය පොදත් රැඳෙනකම් නමුදු මියුනොත් නුබ ජීවයත් හීනයක් වලා පෙල හැඩ කරන්නට නම් දියබ ඕනේ මතුවටත් හිනහුනා හිරු යන්තමින් වැසි වැටෙන්නටත් කලියෙන් අහස හැඩ කොට සිතුවමින් සැඟවුනා හිරු ඔච්චමින් වලා අතරින් හිනහෙමින් එබී බැලුවා සඳ හොරෙන් අනේ කොහොමද හිත හදන් දුක අහසට කියන් හිනා වෙන සඳ කඳුලකින් මකා දැම්මා පින්සලෙන්... 🖤 ධනා

නොසෑහෙන්න

Image
හමු නොවුන හිත්වලත් තිබුණා ආදරේ උතුරන්න.. හිමි නොවුන තැන්වලත් තිබුණා ආදරේ සිහිවෙන්න... හමු වෙච්ච හිත්වලත් තිබුණා ආදරේ මියැදිච්ච.. හිමි වෙච්ච හිත්වලත් තිබුණා ආදරේ හැංගිච්ච.. නොගැලපෙච්ච හිත් වලත් තිබුනා ආදරේ දළුලන්න... ගැලපෙච්ච හිත් වලත් තිබුනා ආදරේ නොදැනෙන්න... අසම්මත හිත් වලත් තිබුනා ආලය නොසෑහෙන්න...    ධනා 🖤

තිතක් තියලා කොමාවක් කරාපු...

Image
පියාපත් වල නුබට ලියාපු සිහිල් සුළඟට අඬ ගසාපු මුදා හැලුවෙමි නෙත් පියාපු තිතක් තියලා ඒ කොමාවක් කරාපු හිතුණත් බෝ වාරයක් නොකරාපු හැමදාට කොමාව වරම් නොදෙන හින්දා එකම කාරණයක් හිත් ඇතුලේ නලියාපු තිතක් තියල නවත්වන්න බෑ හැබෑවට පෑන් තුඩ උතුරාපු කඩදාසියේ මතක තාමත් හිතක දොඩමාලු 🖤 ධනා                       ,.

අදහා බෑ....

Image
හිත නිවන වචනෙක අයිතිය සොඳුරු හැඟුමක දැනුනද ක්ෂණය පමණක අදහා බෑ එය මුසාවක ඉන්න හිතේ එක් පැතුමක ආසයි තනි වෙන්න මොහොතක ඒත් බෑ දනිමි හිත් මුලාවක මතක එක් කොට ගොන්නක හිත හිතා උන්නද වරදක නිසා හිතුවෙම් හිතක ගුලි කොට දමා ඇල්ලක පා කොට යවා ඈතක මවා හසරැල් හිස් හිතක ඈත් වෙන්නම් හීනෙක පතා පාව යන්නනට දුරක වරදක් උනා අයදා සමාවක... ධනා 🖤

දෛවයට පද වියත්...

අහසේ දිලෙනා සඳත් හිරුට හැමදා යටත් අදක් නැති විටත් නැති වෙයිද හෙටත් පිනට බර සිතත් දුර යාවි හඬත් දෛවයට පද වියත් විදිනට වේවි පවත් දිවියට මඟ දුරත් සසර විඳිනට තවත් හැකි වේද කය මළත් ඉන්න ටික දොහත් අසා දැන පද බණත් ගෙවා දිවි මන හදත් පුදා පුදසුනට ගරුත් වෙමුය විට ලෝ අරුත් එසේ ජීවය නැති මුත් විඳිනට වේය දුකකුත් එය විය සත්‍ය පිළිගත් කළ කමුත් පළ දෙත් එයයි සැමදා දැන යුත් කළ වරදට සමාවත් අයැද කරනෙම් වතාවත්... ධනා✍️

යන්තන් වැහැලා පායන්ට...

Image
පාට දුන්නේ විහිදෙන්නට දුර ඈත ඉදන් දේදුන්නට ඉස්සර අහසේ දිදුලන්ට කඳු පාන එහා හිනහෙන්ට යන්තන් වැහැලා පායන්ට බූරවි එනවලු ගෙනියන්ට කවුරුන් ආවත් නිල් අහසට මතක පොත් නොයා හුළඟට සැරට නොආවේ හනිකට නුබ දුන්නා ඉඩ දේදුන්නට ඒ එකම අහස හුළි හුළඟට බූරවිත් කැමති වැහි කළුවට නෙවේ දේදුණු පාටට... 🖤 ධනංජි ආලෝකබන්ඩාර 

එහෙම තමා සහෝ 😍

Image
සෙනහේ ප්‍රේමත් නුබම තමා සෙනහේ සහෝත් නුබම තමා අත්භූතයි එය හැබෑ තමා නමුදු දැනුනේ එහෙම තමා හිත් ඇඳි නුබ ගැනම තමා වචනෙත් සිත් නිවුවා තමා අනේ මන්දා සිත් වරද තමා උරුමත් සහෝ විතර තමා ආදර වචනෙ කපලා තමා විය යුත්තත් එහෙම තමා ආදරෙයි සහෝ.... 💙 ධනා ආලෝකබන්ඩාර 

එපා කළු පාට....

Image
ඇයි දුර ඉදන් හීන ගෙනාවේ පාට කරන්න නෙවේ නේද ලස්සනට පාට නොකළට මොනා හරි පාටකින් නැත්ද යන්තමටවත් ගාන්න ඇඳපු සිතු පාට කළාමළු ඇහැට ලස්සනට දැනෙන්නේ මං ආසම පාට නැති උනාට තියෙන පාටින් විතරක් පාට කරන්න පුළුවන්ද බලාගෙන පැන්සල් ඉර ලාවටවත් මැකෙන් නැතුව හීන සිතුවම මං වෙන්න සුපුරුදු සිත්තරා නුබ වෙන්න හැබැයි කළු පාටින් පාට නොකර... 🖤 ධනා ආලෝකබන්ඩාර 

එපා කීවට 💔

Image
එපා කීවට විදවනා තරම් මා හිතම කකියන රිදුම් දැනුනාමයි දිවිය වෙළුම් සැකයි මෙතුවක් සිතුම් විරහව යනු මන්ද හැඟුම් දැනුනා බොඳ සිතක පැතුම් හිමි නැති ගොළු හදක සිතුම් දැනුනේ නැත නුබට පදම් නමත් නොමැති හිතක බැදුම් මක් කරන්න හිත් සුහඳ රැදුම් කල් ගෙවන්න දුක් මතම මැවුම් වඩා හොඳය හිත පමණ සිතුම් 🖤 ධනා 

ඉතින් ඔහොමයි

Image
හිත් දඩබ්බර නුබ අනේ ලියාපත් ආදර විහඟුනේ ගත් පද හාදකම් සිදුරුනේ එක්කොට පොතක් ලියමිනේ... පද වැකි චේද යා වුනේ නුබ පමණක් ම පාවුනේ හිත් පැටලිලි නිසානේ මොකට නුබ රැවටුනේ... ආදර වදන පපුවේ එබුනේ ගී පද දුක් දෝලන සිඳුනේ නුබ මටයි ආපිට ඇසුනේ ඉතින් ඔහොමයි විසඳුනේ... බොහොමක් ආදර කතාන්දරේ... 💙 ධනා 

හිනැහියන් දැන් මිතුරියේ ...

Image
පියාපත් වල කවි ලියා සිහිල් සුළඟට අඬ ගසා මුදා හැලුවෙමි නෙත් පියා නුබ මගෙයි සිත් හැඩ මවා දැනුණාද සිහිල් පවන් පවා හිතමින් මිතුරියෙ නුබම පතා ආසයි මතකේ ඉන්න සදා ඉඩ දෙනවද සිත් මටම පතා දැන් ඇති බං සිත් රිදුම් මවා ලියා ඇති මං පියාපත් මත සෙනෙහසේ පැහැයෙන් නොදැනුනේ ඇයි මා සිත් හිනැහියන් දැන් මිතුරියේ... 💙 ධනා 

සෙවණැල්ල දැනුණත්💗

Image
හිතක තනි මකන සිතුවිල්ලක සෙවණැල්ල නුබ නේද යා වෙච්ච වරදකාර හිත් ගලපා පාවෙච්ච හිතේ කොනක ආදරයක් තිබුනාමද හිතට බර වූ හිත් කතාන්දර පැටලුණාමද පෙම් අසම්මත සෙනෙහෙකම් වෙනින්දාක නොලැබු හිතට දැනුනිදෝ පවක් කළ විගසක කිසිදාක නොව එකතුවක් සිතුවිල්ල වරදක් සෙවණැල්ල දැණුනත් නොවේ යලි වරදක් සිතින්වත් පොරොන්දුව රකිනවා සමාවුව.... 🖤 ධනා 💙

නමක් නොමැති

Image
හිත් අද්දර නමක් නොමැති මතක පොදක් සියොළඟ දැවටුණු සිහිනෙක මියුරු ... නොවේ එය ප්‍රේමයක් නොවේ එය මිතුදමක් නොවේ එය සහෘදයෙක් තහවුරුයි මිරිඟුවක්... -ධනා🖤

🖤

Image
හිත හිතා හඬන තරමට කවුරුන්ද දුක් දුන්නේ අහසට ගැහී ගැහී ගිගුරුවත් අකුණු තරහට හැමදාම සැලුණෙ නෑ පොළොව සද්දෙට.. ඉදහිටත් හිනාවෙන්නට නුබය සඳ හේතු හැමදාම නුබ උරුම නෑ දන්නවා අහස නුබ අයිති හිරුටයි දන්නවා සිත් පහස සිතුවිල්ලත් වරදක් එයයි සැබෑව... -ධනා😍-

සැනසිලි

සමහර තැන්හි මට කරපු ඇවටිලි හිත නුබත් කරන්නෙම රැවටිලි ලිහ ලිහා නිමක් නැති පැටලිලි අයිති නැති නාදුනන හිත් දැවටිලි අසම්මත යැයි සිතක සිතුවිලි සොයා ඇවදිමි ලොවෙත් නැති සැනසිලි...   ධනා 💜️
Image
වළාවක් යටට වී විඳින විට ගිමන් සුව සුළඟ විත් සලනවා චාටුවට පවන් රොද සීතලක් දවටලා මන සවන් ලඟ වැහි බිඳක් සිඹිනවා හිත් දෑල අබියස... බලෙන් හිත් නිදි කරන සමහර දවස් වල හිත රැදෙන්නෙම අයිති නැති හීනවල සීතලත් ගතු කියන හවස් වල නුබ ඉන්නවා දැනෙනවා හිත බිදුණු තැන් වල... නවතින්න බැරිම තැන අසංවර හිත මට අතහරිනවා යන තැනක යන්නට හිත වාවන්න බැරිම තැන දුක අරන් එන්නට අසරණයි මං මගෙම හිතුවක්කාර හිත අසම්මත කවිය නුබ සිත් පරතෙරක පැතූ...

හැබෑව

Image
හිත හිතා හඬන තරමට කවුරුන්ද දුක් දුන්නේ අහසට ගැහී ගැහී ගිගුරුවත් අකුණු තරහට හැමදාම සැලුණෙ නෑ පොළොව සද්දෙට.. ඉදහිටත් හිනාවෙන්නට නුබය සඳ හේතු හැමදාම නුබ උරුම නෑ දන්නවා අහස නුබ අයිති හිරුටයි දන්නවා සිත් පහස සිතුවිල්ලත් වරදක් එයයි සැබෑව... -ධනා🖤

පායන්ට බැරි...

Image
මොහොතක ඉඩෝර පෑයූ හමු විය සාර බිමක් සාදර නමුදු මිරිඟුවක් ආදර පායන්ට බැරි මේ කපේ කවර සිත් ආල පමණක් නාබර තබා සිටිනෙමි නිතොර එයයි විය යුතු පවර.. ධනා 🖤

ගෙල සිඳින අවියක්

Image
තෙතක් නැති හිතක් ලග තියේවිද ප්‍රේමයක්... ඉඩෝරයක මැව් හිතකට කුමටද සාර කල්පනා... ප්‍රේමය ගැන තවත් ලියා කුමටද කවියක්... ප්‍රේමය කියන්නෙම අද ගෙල සිදින අවියක්... -ධනා-🖤

කෝම කියන්නද අහසට

Image
වාවගන්න කියා මා කෝම කියන්නද අහසට බැරිම නම් උහුලන්න හඬන එක තමා හොඳම කඳුළු වැහි උතුරන්න.. දරාගන්න කියා මා කෝම කියන්නද පොළොවට දරාගන්න බැරිඋනත් වැහි කඳුළු වල බර ඉවසන එක තමා හොඳම .... වෙන දෙයක් වෙන්නට

තුහින පාවඩ

Image
ප්‍රේමයේ මල් තුහින පාවඩ කටු පඳුරු මත සිර වෙලා වේදනාවක් පමණි දැනුනේ අවසානයට පෙර ඇහැරුනා.. සිහින ගිනිගෙන සීත දිය මත මතක අළු ඔහේ පා වුනා හිතේ තනියට තනි රකින්නට නෙතේ කදුළක් නැවතුනා...

පෙම් කලේ මිරිඟුවට...

දැන දැනත් හිත පෙම් කලේ මිරිඟුවට අමතකයි සිත් දෑල අබියස අයිතියක් නොවුනාම හිත් මිරිඟුවත් විය වෙනස් සැබෑවට විය යුතුම බැව් සිත් තදින් පිළිගන්න හැකි නම් මිරිඟුවත් ජය පැන් බිඳක් දුටුවා..... -ධනා 💜️-

බියැති සුසුම

Image
සිහිනෙන් පවා නුබ උරුම කළ සෝ සුසුම්... විඩාබර හදවත පමාවට ගැහෙන හඬ... දැනුදු නොවෙනස් ව්ටෙක අඩපණ... හදේ රැවිදෙන බියැති සුසුමකි... -💜️ ධනා-

කඳුලට හොරා නිදන්න...

අනන්ත මහා රාත්‍රිය මැද නින්ද නුබ නොආවොත් හනික හුදෙකලා කඳුලු කැට ඔච්චම් කරාවි හනික එපා නොඇවිදින් ඉන්න පමා වුවොත් තනිය මඟනොහරියි විගස මං බලාන ඉන්නේ නුබ එනකන් කඳුලට හොරා නිදන්න.. -💜️ ධනා -

අඳුරට පෙම් බැඳි...

Image
අමාවක සිත් අහසේ ඝනදුරට ඔච්චම් කරන පුංචි කණාමැදිරියෙක් මා පිළිගන්න හැකිද මමත් වැඩිපුරම බය කට්ට කරුවලට නැති නම් මොටද මටම එළියක්.. නොකීවට මාත් කැමතිම පුර හඳ තියෙන දවසට ඒත් නොදනිමි තවම ඇයිද අඳුරට පෙම් බැඳි..

රහසේම ගෙත්තම්

Image
සිත් පුරා එක හීනයක රහසේ ම ගෙත්තම්  අයිතිකම් නැති සසරේ සිතින් පමණක් බැඳි ආල සිත්තම හැඟි කාටත් නැත බාධා...  - ධනා -

සිතුවිල්ලත් වරදක්...

Image
හිමි නොවනා සුව සිහින මවන් සෙනෙහෙ දළු ලා සිතක කොනින් මනා නෑ සුදුසුම වන් කෝල සිතින් සිතුවිල්ලත් පමණක වරද දුටින් දහසක් දේ හැඟුමින් පාන හදින් ආලය විය හිමි නොවෙන තැනින් සබඳ වෙන්නැති හිත් සසර පතන් හුරු වන්ට ඇස් වෙනත් භවයන් පතමි දුක හදක ගැඹුරෙම තබන් තව තවත් සුපුරුදු තනියෙ සිටන්...      ✍️   ධනංජි ආලෝකබන්ඩාර 💜️

අප්‍රකාශිත ආදරය

Image
ප්‍රේමයත් අභිමන් ලෙසින්. නැතුවාම නොව සිත් මතින්.. පෙර සසර පුරුද්දට හමු වෙතින්... නමුදු සුව සම්මතේ ඉඩක් නොලදින්.... සිතක් පතුළක නැගුණු සෙනෙහේ. කාට කවුරුත් නොකියා උන්නේ.. හැඟුම් පමණක් මඳක් පෙනුණේ ... සියල් සිර වී හදේ කොනකින් වාදේ.... නමක් විය ඒ සුන්දර බැඳි ආල. අප්‍රකාශිත ප්‍රේමය මැව් හීන.. දුකක් නොව අයිතිය නැති ලෝක... තනිකම තාමත් එක හීන.... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

වැස්සත් පාරයිද හිත්...

Image
පාළු හිත් අද්දර කළු පාට හීනෙක තනිය සායම් කරන වැස්සත් පාරයිද හිත් ... මොහොත වැසි හැලෙනා හිත් ගොසින් දුර අතීතා දුක් සුසුම් සිහි ආවර්ජනා නගයි සිත් සතන් පාරනා පුරුදු සිහියට යලි පැමිණුනා අහවරයි වැස්සත් වස්සනා දුක් දැනේ වැඩිපුරක් පායනා නමුදු වැස්සේ සෙනෙහේ පානා... ✍️  ධනංජි ආලෝකබන්ඩාර 

අම්මේ නුබ අද හිටියානම්..

Image
තනිව බෑ විඳවන්න මෙතරම් තනිව බෑ දුක්වෙන්න මෙතරම් තනිව බෑ හඬන්න මෙතරම් තනිව බෑ ඉවසන්න මෙතරම්... ඇයිද අම්මේ තනි කලේ මා දැන දැනම කවුරුත් නෑ කියා දෛවය මැව්වෙ හරහට තියා කිමද මා කළ වරද සසර පතා.. නොදැනේද විඳිනා සෝ තැවුල් කිමද මව්නේ නිහඬ වියවුල් දෙදරා යාවිදෝ මා නුබෙ පවුල් දැන් දැන් ජීවිත එපාවන අවුල්... මක් කරන්නද මේ මට හිමි සුසුම් නුබෙ නමින් වඩන්නම් තව ඉවසුම්... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

නොකැමැති හීනයකි අතීතය ...

Image
හදවතේ රැවිදෙන මිහිර අමිහිර මන සවන් දෙස නොදන්වා දෑස් අහියස මතක ලෙසින් නැවුම් වන නොකැමැති හීනයකි අතීතය... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

හදේ ගැහෙනා බියැති සුසුමකි...

Image
සිහිනෙන් පවා නුබ උරුම කළ සෝ සුසුම්... විඩාබර හදවත පමාවට ගැහෙන හඬ... දැනුදු නොවෙනස් ව්ටෙක අඩපණ... හදේ රැවිදෙන බියැති සුසුමකි... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

අසතුටේ දෝංකාරය සැකය...

Image
ඝන අඳුරු වලා වැසි මැව් අන්ධකාරය අවුල් වියවුල් නග්න අසතුටේ දෝංකාරය හිත වන් සැකය සම දිවිතෙරේ සාංකාරය දුරු වෙන්න අදුරෙන් අද්භූත මනස්කාරය ✍️ ධනංජි ආලෝකබන්ඩාර

පියුමේ දහම..

Image
හිමිදිරි ළහිරු වතින් සුවඳ තඹර පෙති මතින් පිනි බිඳු නටන රඟන් බිඟු කැල රොනට වඩින් පියුම් නම් පිවිතුරින් නමුදු හෙට දින පහන් මිලින තඹර පෙතිත් ජල තලය මත පතිත් දුක් සුසුම වින්දත් එයයි සමිඳුන් වදාළත් දහමක නියත්... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

දෛවයේ සරදම්

Image
විටෙක ඉකිබිඳ විටෙක සැනහෙන දෛවයේ සරදම් කවර කෙනෙහිලි පැතුම් නිර්මිත හමුව නොසැලෙන රුවක් ඇත මිහිතලේ එපා දැවටිලි නුබට වෙයි විදින්ට සරදම් .... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

කඳුලට හොරා නිදන්න ..

Image
අනන්ත මහා රාත්‍රිය මැද නින්ද නුබ නොආවොත් හනික හුදෙකලා කඳුලු කැට ඔච්චම් කරාවි හනික එපා නොඇවිදින් ඉන්න පමා වුවොත් තනිය මඟනොහරියි විගස මං බලාන ඉන්නේ නුබ එනකන් කඳුලට හොරා නිදන්න. ✍️ ධනංජි ආලෝකබන්ඩාර

අම්මේ...

Image
කලුවර කලු පැහැ බැව් සැබෑව මව්න් නැති ලොව් අදුරයි සැබෑව සෙනේ නිම් සොළොසක් සැබෑව අවාසන උරුම කදුලක සොබාව වින්දා සෙනේ පෑ නොමදව කාරණා දැනුනා ගුණේ ලෝ හොඳම අම්මා හැඟුනා පෙමේ සුව නොව නිම්මා සැලුණා අහිමි දෙනෙත සේ කර්මා ලං වූ කෙනෙක් නැත නුඹෙ පුතු මා විතර සෙනේ පහස නුඹෙ ළය මටයි මා පමණ අසීමිත නුබෙ කැප වෙනුවෙන් මා කවර මෙසිත් නොව තරහා වන්නට නුබ පවර බිලිගත් පිළිකාව වෛරයි මුළු සසර අවසන් හුස්ම පවසයි සුසුමේ රුදුර ලොවක් දන කම්පා මොහොත සැර අමිහිරි පොතට පසු වූවා පස් වසර ක්‍රෝධයි කවුරු උදුරා ගත් මා පණ එපා මව් වන්ට ඊර්ෂ්‍යා සැබෑව මට අහිමි නුබ ඇයිද කාට නම් මව් කාට කුම කෙසේ වෙත් නුබයි දරු වාසනා සසර කරුණක් දනිමි උන්නත් ලෝ කතරේ වාසනාවයි නුබෙ බැලුම් මා කෙරේ රුදුරු ගුණයක් හිත නොව පෙම් කරේ විස්වාසයි මව් සැබෑ තාමත් හිමි ආදරේ මා හීන සැබෑකරම් නුබ සැමදා කීව ආශිර්වාද අවැසියි සිට නුබේ ලෝක පතමි ආත්ම සුගතිය හැමදාමත් වාග ඉල්ලම් කර්ම නුඹ අම්මාව හැම සසර... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

මැවුණු සිනා

Image
සිනා රැල්ලක හසරැල්ල නොබෝ දිනක අරුණැල්ල ලෙසින් පැතූ පවනැල්ල දැවටූ මන සෙවණැල්ල නෝක්කාඩු සිත මනදෝලි අහේතුකයි සිනහා මැවිලි හැඩුම් කාරණා මැසිවිලි එරෙහියි අභිමුඛ සිනහාවිලි ආදරබර දෝරේ මැවූ සිනා විලස හීනේ පෙමින් පානා කදුල පරදා රැක්ක සිනා මවා කදුල හසැරැලි මනා ✍️ ධනංජි ආලෝකබන්ඩාර ❤️

දෛවය

Image
උපන්නේ කෙදින පටන් නුඹම දැනුම් කෙනෙහිලි සටහන් නුඹත් හරි අපූරුයි දිවිමන් කුහුල සාධාරණද පටන් අවැසි සරණ අසරණ තනිය මකන් නුඹයි ලෙන්ගතු කදුලු මවන් සිහියි මෙමා සියල් මොහොත නම්න් නොඅවැසි විස්ම දැරුම් හිතේ ඔවන් සංස්කාර නම් කෙදින තිතේ ගෙවන් අයිතිය කවද කිම් හිමි විමන් ඉවසා සරදම් දැරුමෙන් අයා සවන් බාරයි නුබට දිවිපරතෙර මවන් තනියෙන් තනිකමට ඇබ්බැහි වූ සිතන් හීනෙකින් හැකිවීද පාරන් නමුදු සදා ලෙන්ගතුයි සේ පවන් විලස් හැකි සැනසුම පමණ ඉල්ලන්.... ✍️ ධනංජි ආලෝකබන්ඩාර

විවාහය තවත් එක් වූ අදහසකින්

Image
"උරුම කෙනාලු හම්බෙන්නේ " "සංසාරේ පතාගෙන ඇවිල්ලද කොහෙද" "මොනා කීවත් ගෙවන්න තියෙන කරුම ඕවා" " දැන් කරන්න දෙයක් නෑ දුක උහුලන් ඉන්නවා මිසක්" අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනයක් තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද. විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.තමාට ගැලපෙන සහකරු හෝ සහකාරිය ජීවිතයට ලැබුනොත් විවාහය සාර්ථක ලෙස මියයන තාක් එක්ව සතුටින් ජීවත් විය හැක.එසේ නොවන්නේ නම් ඉතා විසල් දුක් ප්‍රභවයක්ම ලැබෙනු ඇත.මන්ද තනි පුද්ගලයකු ඒ කියන්නේ දෙමාපිය සුවදේ වැඩෙන තරුණයා හෝ තරුණිය පියවරක් ඉදිරියට නික්මීම විවාහය තුල කෙසේ නම් ජීවිතය වෙනස් වන්නේද.විටෙක හරි අපූරු ගැලපෙනම සහකරු හමු වී ජීවිතය හරි...

අහසේ සයුර බැදුණු සෙනෙහේ

Image
තේජසේ සයුරු රළ හඹා සයුරේ බිදිති ගත පිනා සිහිලේ සිහිල් මන දොවා සුසිනිදේ වැල්ල ජල දෝරා පිවිතුරේ පසළොස් සදු දිහා දිදුලේ රශ්මි හිරු වටා නිසලේ අමාවකයි අහස් නිවා බැබලේ දිලුම් තරු බලා අහසේ සයුර බැදුණු සෙනෙහේ පින්නේ ජලය එක්ව සෙනෙහේ වැස්සේ වැල්ල පැතූ සෙනෙහේ අමාවකේ පසළොස්ට නොහිමි සෙනෙහේ තරුකැට සයුරේ දිදුලාදෝ සද හිරු සයුරේ පායාදෝ හිම වැසි සයුරේ හැදුනාදෝ වළාරිදීරේඛා සයුරේ හඩලාදෝ රළ අහසේ වළාසේ නැගේදෝ වැලි මාලිගා අහසේ සාදාදෝ සයුර අහසේ නිසල වේදෝ සයුර නොවෙද අහසේ ප්‍රභා අහස නොවෙද සයුරෙ ප්‍රභා ✍️ ධනා ආලෝකබන්ඩාර

නුබයි තනිකම මටම හිමි...

Image
මටම හිමි නුබෙ සෙනේ මටම ලැදි නුබෙ පහසේ මටම මැව් නොහැර මිතුදම් කෙනෙකු නොව නුබ තරම් ලෙන්ගතු රැක්ක නුබ මතක ඇති කලෙක සිට නැත තාමත් වෙනසක අරුමයක් දැනී ඇවැසි සියල් මොහතතක නමින් නුබ ආදරෙයි මා වෙන්දටත් එහා අනන්ත නැගෙන උරුමයක කෙනෙහිලි දෛවයක සැටි මටම මැවු සරදම නමුදු නිසැක නුබෙ ලෙන්ගතු සෘජු මා රුව දිසි ලැබුවාද සරදම් නුබම ජය වුව විසල් පැරදුම් වුවද හිමි නුබ නුබත් ලෙන්ගතු විලස වගකීම යුතුම පැවසුම් යලි නුබට පමණයි මා සෙනේ නුබයි තනිකම මා මටම හිමි......... ✍️ -ධනා-

තාරුණ්‍යයට ඇවැසි විවාහය

Image
අකුරු හතරක ඒ පුදුමාකාර වචනයට මුලු ලෝකයා මුහුණ දිය යුතුමයි.ඒ අතර විවාහය අනිවාර්ය නොවන අයත් නැතුවාම නොවේ.තීරනය තුළින් විවාහය ඇරඹෙන මුත් හොදම තීරනය දැයි දැනෙන්නට විවාහය විය යුතුමය.මහා පුදුමාකාරයි නේද. විවාහය කියල කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේ ම තවත් සමහරු මතක් කරන්න වත් අකමැති මාතෘකාවක්. ඇතැමුන් විඳින ඇතැමුන් විඳවන හරිම පුදුමාකාර බැඳීමක් තමයි විවාහය කියල කියන්නේ. සුන්දර විවාහයක ඒ සුන්දරත්වය රඳා පවතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියල කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. සමහර අයට ඔවුන්ගේ ජීවිතේ ඉතිරි අඩ ගෙනියන්න ගැලපෙනම සහකරු ලැබෙනව. එහෙම ගැලපෙනම කෙනා ලැබුනොත් ඒ විවාහය ඉතාම සාර්ථක විවාහයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ අතරෙ තවත් සමහරුන්ට මුණ ගැසෙන පුද්ගලයා අද ගැලපෙන්නෙත් නැහැ හෙටත් නැහැ ජීවිතය අවසන් වනතුරු ගැලපෙන්නෙත් නැහැ. ඔබ මොහොතකට හිතල බැලුවාද මොකක්ද ඒකට හේතුව කියලා? මොකක්ද ආදරයේදී ඇතැමුන් සාර්ථක වෙන්නත් තවත් සමහරු අසාර්ථක වෙන්නත් හේතුව?මොකද "වෙනස් නොවන පෞරුශත්ව ලක්ශණ” කියන සංකල්පය හඳුන්වා දෙන්න පුලුවන්. මින් අදහස් කරන්නේ මිනිස් සිතිවිලි ක්‍රියා කරන ආකාරය පිලිබඳවයි. ස...

උපුටා ගන්නා ලදි

Image
මිනිස්සු ගොඩක් උන් ජීවත් වෙන්නේ වෙස්මූණු දාගෙන..උන්ගේ වෙස්මූණ අස්සේ ඉන්න තිරිසනා හැබැයි කොයිවෙලාවක හරි එළියට එනවා..ඕන් ඔය වගේ වෙස් මූණ දාගත්තු පෙම්වතෙක් උඹටත් ලැබිලා ඇති..උන් ඉන්නවා මුලින් තව්තිසා දිවියලෝකේ ඉන්න කුමාරයෙක් වගේ..උඹට හිතෙන්නෙ හොදම කොල්ලා උඹට ලැබුණා කියලා..ෆේස්බුක් එකේ රිලේශන්සිප් දාලා ගෙවල් වලට කියලා ..ගමේ උන් දැනගෙන ඌ එක්ක ගෙවල් වලට හොරා වටයක් දෙකක් ගිහින් ඇද උඩටත් නැග්ගට පස්සේ තමා මිනිහගේ අර වෙස්මූණ ගලවලා තිරිසනාගේ තත්වය එළියට දාන්න ගන්නේ.. මූ මට හරියන්නේ නැහැ කියලා තේරෙනකොට උගේ අතින් වෙන්න ඕන සේරම වෙලා ඉවරයි ..උගේ ගැලරිය පිරෙන්න උබේ ෆොටෝ ..සමහර විට ඌ කුඩුකාරයෙක් ..පොඩි දේටත් බැල්ලියෙකුට වගේ බනින මානසික ලෙඩෙක්..උබට ලැට් එකට ගියත් නොකියා " ප$%& වේ$%& තෝ හොර මිනිහෙක් එක්ක බුදියෙන්න ගියා..නේද?" " තෝ කවුද අර අයියා කිය කියා කතා කරන්නේ තෝ ඌ එක්කත් බුදියනව නේද?" " නටන්න එපා තොගේ හැමදේම මං ගාව තියෙනවා පාරේ බැහැල යන්න කරනවා දැනගනින් බැල්ලිට".. ඕන් ඔය වගේ තමන්ගේ අම්මා තාත්තාගෙන් වත් බැනුම් ඇහුවේ නැති සක්කිලිම සක්කිලි විදියට කොහෙවත් ...

තනි තරුව 🌟

Image
වෙන්න ඕනේ තරුවක් අකාස ගංගාවෙන් එහා පෑයූ තරු රටාවන්ගෙන් වෙන්වූ තනිව පමණක් දිලිහෙන ඔනේ නෑ මිහිපිට වසන්තට කෙනෙක් නෑ හමුවුනු හිත මනා ආසයි හිත එක්ක ම තනි ඉරබට තරුවක වී සිටින්න ✍️ ධනා බංඩාර

තාත්තා

Image
සෙනෙහෙ කදක් රැදි හද තුළ ඉඩක් විය මා මට ම හිමිය වගකිව මව්පිය සොයුරු හැම දන එහා ගිය අදර බස් මුකුලිත වීය සෙනෙහේ දල්වා ළය තුළ නොදල්වා මුව තුළ කරනු කැප නම් නොදුටි කවර පිය නම් සැර වදන පරදා නැගුණු ළෙන්ගතු ආසයි විදින්න හිමි එකම සෙනෙහේ දනිමි දිවි වෙනු මා පමණක් පතමි දිවි දිග් යුග සැරද සෙනෙහේ ඉවසුම් වෙතින් දුක් විද තබා ළය ආදර බැති පිරුණු හදවත ණයයි මා පිය එක ලෙසිම් මව් පිය රැක්ක ළය නොනිමි ළය දාරක ගී සෙනෙහියි හිඩැස් නොතිබි හිත තුළ නුබයි ලොව හිමි එකම විමන් සෙනෙහේ ✍️ ධනා බන්ඩාර 

සොබාදම කියා දෙයි

යන්නේ කොහෙද කියලා මෙලෝ හැඟීමක් නැතුව හැල්මේ දුවපු ලෝකය කවුදෝ කෙනෙක් බෙල්ලෙන් අල්ලලා නවත්තලා. පොඩි හුස්මක් අරං යන්නේ කොහෙද, දුවන්නේ මොකටද කියලා හිතන්න විරාමයක් දීලා. ජීවිතය පිලිබඳ භීතියක් දැනුනට පස්සෙත් සුපර් මාකට් සූරමින් තියෙන එකා බැලුවේ තමන් ගේ ස්ටෝර්ස් පුරවා ගන්න. අනෙකාට වඩා එක දවසක් වැඩිපුර ජීවත් වෙන්න. පුළුවන් තරම් කාලයක් හැමෝම එක්ක ජීවිතය බෙදා හදාගන එකට ජීවත් වෙලා එකට මැරෙන එකට වඩා අනෙකාට වඩා එක දවසක් වැඩියෙන් ඉඳලා තනියම මැරෙන එක සතුටක් කියලා හිතන්න පුරුදු වුන දවසේ ඉඳලා මිනිසුන් කලේ රේස් දුවන එක. සතුට කියලා ලුහුබැන්දේ මායාවක්. දේශ සීමාවකට, ජාතියකට, ආගමකට, භාෂාවකට එක එකා මරාගනිමින් දිනා ගත්ත දෙයක් නැති බව මේ කොරෝනාව මිනිසුනට පසක් කරදුන්නා. මුළු ලෝකයම එක පාර දනගස්වලා දැන්වත් හැදියල්ලා කියලා වේවැල වනමින් තරවටු කරනවා. තව සතියක් දෙකක් මෙහෙම වහලා හරි ඒ පාඩම පසක් කරගන්න විරාමයක් හදලා දෙන එක හොඳයි. අළුත් ගමනක් අලුත් ජවයකින් අරඹන්න** සොබාදම පරතෙර කොට ගත් මිනිස් කල්ලියට වූ විපත දෙවන ලෝක යුද්ධය ඉක්මවූ බැවු නොරහසකි.සාම්ප්‍රදායික බැව් අතික්‍රමණය කොට ගත් ජන ගග වෙත් ස්වබාවධර්මයා පාඩම් ගෙන ...

දෙවිදු අයියනායක අඩ්වි

Image
✍️ written by  Dhananji Alokabandara